Wednesday, December 13, 2017
Home
Gossip Lanka News
පාකිස්තානයෙන් පොහොර - ජැට් ටෙන්ඩර් ලන්සුව රාජසන්තකයි ?
පාකිස්තානයෙන් පොහොර - ජැට් ටෙන්ඩර් ලන්සුව රාජසන්තකයි ?
-
Wednesday, December 13, 2017
උද්ගතව ඇති පොහොර අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වෙමින් පාකිස්තානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක් ගෙන්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ජනපතිවරයා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මෙම පොහොර තොගය ඉල්ලා ඇති අතර ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පොහොර තොගය කඩිනමින් එවීමට පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා එකඟවී ඇතැයිද පැවසේ.
රටතුළ පවතින උග්‍ර පොහොර හිඟය සම්බන්ධයෙන් ඊයේ (12) කැබිනට් සාකච්ඡාවේදීද බරපතල විවේචනයට ලක්ව ඇති බවද මේ අතර වාර්තා වේ.
එහිදී, මාස කිහිපයකට පෙර අටවාගත් සමාගමකට පොහොර ගෙනඒමට ටෙන්ඩර් ලබාදී ඇති බවටද විවේචනයක් එල්ලවූ බව පැවසේ.
ජැට් ටෙන්ඩර් ලන්සුව රාජසන්තක වෙයි !
කෙසේවුවද, මෙට්‍රික් ටොන් 72,000ක යූරියා පොහොර ගෙන්වීමේ ටෙන්ඩරයක් ජැට් හෝල්ඩින්ග්ස් නැමැති සමාගමකට ලබාදීමට නොවැම්බර් 21 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබූ බවද පැවසේ.
DA ක්‍රමය යටතේ ඔවුන්ට පොහොර සැපයීමට ජාත්‍යන්තර පොහොර නිෂ්පාදකයන් කිසිවකුත් අකමැතිවීම හේතුවෙන් නිසිකලට පොහොර සැපයීමට නොහැකිවීමෙන් අදාළ පොහොර අර්බුදය නිර්මානය වූ බව වාර්තා වේ.(සැපයුම්කරුවා අතරමැදියෙකු පමණය. ඔහු මුදල් දී නිෂ්පාදකයාගෙන් මිලදී ගන්නේ නැත. මිලදී ගැනීම සිදුකරන්නේ ඔහුට රජයෙන් ලැබුණු ටෙන්ඩරය පෙන්වා මුදල් ගෙවිය හැකි බවට සහතික කිරීමෙන් පසුය.)
කෙසේවුවද, පොහොර ප්‍රමාදයට වන්දියක් ලෙස අදාළ සමාගම පොහොර සැපයීමට ලබාගත් ටෙන්ඩරය ලබා ගැනීමේදී තැබූ ටෙන්ඩර් ලංසු ඇපකරය වූ ඇමරිකානු ඩොලර් 240000ක හෙවත් රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක මුදල රාජසන්තක කරන ලෙස රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් යෝජනා කර ඇති බවද වාර්තා වේ.
SLM
