BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 13, 2017

නවින් තේ පර්යේෂණ වත්තත් විකුණන්න හදයි

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ රත්නපුර ප්‍රාදේශී පර්යේෂණ ආයතනයට අයත් කරපිංච ශාන්ත ජෝකිම්වත්ත සහ කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට විකිණීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ඒ මහතා කැබිනට් පත්‍රිකාවක් යොමුකර අනුමැතිය ද ලබාගෙන ඇති බව පැවසේ.

එම කර්මාන්ත ශාලාව මෙසේ පෞද්ගලික අංශයට ලබාදීමට සැරසෙන්නේ 2017 වසරේ සිට මසකට රුපියල් මිලියනයක් පමණ ලාභ ලබමින් සිටියදීය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසන්නේ ආයතනය විකිණීමක් සිදු නොකරන බවත් පෞද්ගලික අංශය සමඟ එක්ව එය පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතියක් ලැබී ඇති බවයි.

කර්මාන්ත ශාලාව ලාභ ලබන බවද පිළිගන්නා ඒ මහතා ඊට හේතුව තේ මිල ඉහල යාම යැයිද කියා සිටී.

මේ ආයතනය තුළ දූෂණ වංචා රාශියක් ඇති බවද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා එසේ පැවසුවද ඔහු යටතේ පවතින කුඩා තේවතු සංවර්ධන අධිකාරිය දරුණු ලෙස දූෂණයට ලක්වූ ආයතනයක් බවට මාධ්‍ය වාර්තා පලවුවද ඒ සඳහා මෙතෙක් ඔහු කිසිදු පියවරක් ගෙන නොමැත.

එසේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඊයේ (12) දිනයේද රුපියල් ලක්ෂ 60ක් පමණ වියදම් කරමින් අනවශ්‍ය උත්සවයක් පවත්වා ඇත.

SLM
« PREV
NEXT »