BREAKING NEWS
latest

728x90

468x60

Monday, March 05, 2018

සත්හඬ මාධ්‍යවේදීන්ව ආයෙත් රවටලාද? - Sathhanda

වසා දමන ලද සත්හඬ ඉරිදා පුවත් පතෙහි සේවය කළ හතලිහකට ආසන්න සේවක සේවිකාවන් පිරිසට අද පෙබරවාරි 28 වන දින අතිරේක මාස දෙක්ක වැ‍ටුපද ඇතුලත්ව හිඟ වැ‍ටුප් ගෙවන බවට එම පලනාධිකාරිය පසුගිය ජනවාරී මාසයේදි පොරොන්දු වී තිබුණද එය කඩ කර තිබේ.

සත්හඩ ප්‍රකාශයට පත් කළ සමාගමේ සභාපතිනිය වන මන්දනා ඉස්මයිල් මහත්මිය අද දින එම ආයතනය පැමිණ නැති අතර ඇයගේ පෞද්ගලික සහකාරවරයා ආයතනයට පැමිණ පවසා ඇත්තේ තවක් සතියක් පමණ කල් දෙන ලෙස සභාපතුමිය පැවසූ බවය.  

අද දින සත්හඬ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දීප්ති කුමාර ගුණරත්න හා හිටපු කර්තෘ විමලනාත් වීරරත්න යන මහත්වරුද පැමිණ සිටියද  ඔවුන් යටතේ කටයුතු කළ මාධ්‍යවේදීන් හා සේවකයන් වෙනුවෙන් හඬක් නොනැගූ බවට එම සේවකයන් චෝදනා කරයි. 

සත්හඬ පුවත් පතෙහි  සැබෑ හිමිකරුවා වන්නේ ඇමැති දුමින්ද දිසානායක වන අතර මෙය ප්‍රකාශයට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙනි.
« PREV
NEXT »