Sunday, April 15, 2018
Home
Gossip Lanka News
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?
-
Sunday, April 15, 2018
පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම දෝෂාභියෝගය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංස්ථා සභාපතිවරයකු විසින් සකස්කර ඇති බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයට තොරතුරු ලැබී තිබුණු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව එළඹෙන 19 වනදා නැවත රැස්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම හමුවේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් කඩිනමින් අවසන් කරමින් එය මැයි 08 දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ බලතල අනුව අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවාරය අවසන් කිරීම සිදුකර ඇත්තේ ඒ අනුවය.
