BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 24, 2017

විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාවට වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්න


යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී පෙරේදා (22) සවස නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළා දකින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ප්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව පළ කරයි.

එම සිදුවීම සමඟ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය දැඩි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.

මියගිය පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ත රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කළේය.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වෙත ද ජනාධිපතිතුමා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
« PREV
NEXT »