BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 11, 2018

ජනපති අගමැති හමුව : එජාප සහ ශ්‍රිලනිප එකතුවෙන් පළාත් පාලන ආයතන 100ට වැඩි ප්‍රමාණයක බලය අල්ලයි - දුන් පොරොන්දු ඉටු කිරීමට ඉදිරියේදී රැඩිකල් තීන්දු

ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ.

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතුළු පාර්ලිමේන්තු කණ්ඩායම කොළඹ පිහිටි නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. 

දීර්ඝ වේලාවක් පැවති මෙම හමුවේදී ඡන්ද ප්‍රතිඵල පිළිබඳව පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් කරුණු විග්‍රහකර තිබේ. 

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව එම සාකච්ඡාවට සහභාගි වූ එහිදී නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයා කඩිනමින් රටට දැනෙන වෙනසක් සිදු කරනු ඇති බවයි. 

අද පස්වරු 6.30ට පමණ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී ඉදිරි මාස 20 ක වැඩපිළි‍වෙළ පිළිබඳ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බවට ගොසිප්99 අපවෙත වාර්ථාවේ.. මේ හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය  තීරණය කර ඇති බව වාර්ථාවේ.

එහිදී පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත ඇති වී තිබෙන තත්වයන් සාකච්ඡා කර, ඉදිරි කාලය සඳහා කළ යුතු රැඩිකල් වෙනස්කම් රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ. 

එහි පළමුවැනි අංගය වශයෙන් වහාම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත ය. 

එසේම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මහින්ද පිළ මෙවර ලබාගෙන තිබෙන්නේ 44.38% ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. එයට සාපේක්ෂව මෛත්‍රී, රනිල් සහ ජ.වි.පෙ. කණ්ඩායම් විසින් 51.83%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. මෙය 2015 වසරට සාපේක්ෂව සලකා බලන්නේ නම් මහින්ද පිල 2015 වසරේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.58% ක් විය. ඒ අනුව මහින්ද පිලේ ඡන්ද පදනම, 2015 වසරට වඩා මදක් අඩු වී ඇති ආකාරය ද පෙනේ. මේ අතර මෛත්‍රී, රනිල් සහ ජ.වි.පෙ. විසින් 2015 වසරේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 51.28% කි. ඒ අනුව ඔවුන් සිය ඡන්ද පදනම එලෙසම පවත්වා ගැනීමට හෝ මදක් වැඩි කර ගැනීමට සමත් වී තිබේ. 

තවද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්කාසු වුවහොත් ඔවුන් දෙපිරිසට පළාත් පාලන ආයතන සියයකට වැඩි ප්‍රමාණයක පිහිටුවිය හැකිය. අද සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව ද නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 

මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කර තිබෙන්නේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාබවටද වාර්ථාවේ



« PREV
NEXT »