Sunday, July 30, 2017
Home
Gossip Lanka News
ඒකාබද්ධ විපක්ෂය වෙලාවක් ඉල්ලයි
ඒකාබද්ධ විපක්ෂය වෙලාවක් ඉල්ලයි
-
Sunday, July 30, 2017
ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
ඒ හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බව අදාළ ලිපියේ සදහන්.
එම ලිපියේ මෙසේද සඳහන් වේ.
“28 වෙනි දින හම්බන්තොට වරාය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී, එම ඉදිරිපත් කළ ගිවිසුමෙහි හානිකර වගන්ති සහ රටට හානිකර තත්ත්වයන් කරුණු සහිතව පෙන්වා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටි නමුත්, එක්සත් ජාතික පක්ෂයේ දරදඬු ප්‍රතිපත්ති කථානායකතුමා විසින් අනුගමනය කළ නිසාවෙන් එකී අවස්ථාව මහජන නියෝජිතයන් වන අපට අහිමි වූ බව කනගාටුවෙන් දන්වමු.
ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාවෙහි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනුමැතිය ලත් කරුණු සහ දැන් ගිවිසුමට අන්තර්ගත කොට ඇති වගන්තිවල අඩංගු කරුණු පරිසර විරෝධී බව රටට හිතවත් අපගේ උගත් නීතිඥයන් විසින් පෙන්වා දී ඇත.
ගිවිසුමෙහි ඇතැම් වගන්ති සංකීර්ණ කොට අපහැදිලි ලෙස ඇතුළත් කොට තිබීමෙන් සැඟවුණූ අරමුණු ඉටුකර ගැනීමට ඉඩප්‍රස්ථා සලස්වා ඇත.
රටටත් රටෙහි අනාගයටත් බෙහෙවින් අහිතකර සහ හානිදායක කොන්දේසි රැසක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ හම්බන්තොට ගිවිසුමෙහි අන්තර්ගත වන බැවින් ප්‍රකාශිත පරිදි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර කරුණු ඉදිරිපත් කිරීමට කඩිනම් දිනයක් හා වේලාවක් ලබාදීමට කාරුණික වන ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.“
