BREAKING NEWS
latest

728x90

468x60

Thursday, July 20, 2017

හරීන් Google බැලුමට බදු සල්ලි සතපහක් ගියේ නෑ කියයි


මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින් පසුගිය දා එනම් 2017ජුලි මස 17 වෙනි දා සිරස නිවුස් ෆස්ට් විසින් පලකර තිබූ ලිපියට පිලිතුරකි.

1.සිරස නාලිකාව පවසන පරිදි අමාත්‍ය වරයා කෙසෙ කීවත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් උත්සවය ක් පවත්වා ඇති අතර ඊට රුපියල් 450000ක් වැය වී ඇත.

පිලිතුර- සිරස අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇත.රු 450000ක මුදල වැය කර තිබුනේ 2015ජූලි මස 28 වෙනිදා අරලියගහ මණ්දීරයේ පැවත්වූ "Digital Insfrastrucure ,Unimagined " නම් වූ වැඩසටහන වෙනුවෙන්..එය එක් කාමරයක පොඩියට කල වැඩසටහනක් නොව රටේ අනාගත ඩිජිටල් දැක්ම ගැන දෙස් විදෙස් බුද්දිමතුන් සමග කල විශේෂ වැඩසටහනකි.

නමුත් එම වැඩසටහන කිසිදු අයුරකින් ගූගල් ලූන් ව්‍යාපෘතිය ට අදාල නැත...

සැයු:සැබැවින්ම එය 450000ක් යයි කීවේ කවුද.?සිරසට ඒ මුදල ඔප්පු කල හැකිද..?එයගූගල් ව්‍යාපෘතියට යයි මරලතෝනි දීමට පෙර ඒ ගැනත් විමසන්න.

2- දෙවැනි තර්කය වන්නෙ ICTA වෙනුවෙන් කල වීඩියොව වෙනුවෙන් කල 934,065ක වියදම ගැන ය..

පිළිතුර - ICTA යනු රටේ තොරතුරු තාකශනික ආයතනයයි.එකී ආයතනය තම ආයතනයේ වැඩසටහන් පිලිබදව ඒ ඒ තලවලට දැනුවත් කිරීමේ දී නවීන තාකශනික ක්‍රම සහ නවීන විඩියෝ දර්ශන ඇතුලත්ව කල යුතුය..මන්ද යත් රටක් වශයෙන් ජාත්‍යන්තයට එම දර්ශන ලබාදීමේදී එහි යම් ප්‍රමිතියකින් යුක්ත විය යුතුය..සාමාන්‍ය ගීත වීඩියොවක් නිර්මාණය සදහා ද රටේ මීට වඩා වියදම් වෙන බව සිරස නොදන්නෙ මන්ද ?

අනෙක් කාරනය වන්නෙ මේ වීඩියොව ද කිසිදු අයුරකින් ගූගල් ව්‍යාපෘතිය සදහා අදාල නොවීමයි..

සිරස කුමණ පදනමක් මත එලෙස චෝදනා කලේද ?

3-උත්සව සම්බන්ධීකරණය සම්බන්දයෙන් යයි පවසමින් තවත් 2157973.20 ක මුදලක් පුද්ගලික සමාගමකට ගෙවීමක් ගැන ඔවුන් ප්‍රශ්න කරයි..

පිලිතුර-මේ සදහන් වන්නෙ ද ගූගල් ලූන් පිලිබදව නොව.මා ඉහත සදහන් කළ UNIMAGINED වැඩසටහන පිළිබදවයි..යලිත් ප්‍රකාශ කළ යුත්තේ ගූගල් ලුන් ව්‍යාපෘතිය වෙනුවෙ ලංකා රජය හෝ ජනතාව බදු මුදල් කිසිවක් භාවිතා කර නොමැති බව ගරු අමාත්‍ය වරයාගේ ප්‍රකාශය නිවැරදි බවයි.

4-කෙටි චිත්‍රපට 3ක් වෙනුවෙන් කල වියදම ලක්ශ 35ක් බවත් එය ගූගල් ලූන් වෙනුවෙන් බවත් ඔවුන් ව්ක්‍රාකාරයෙන් කියයි.

පිලිතුර.-සිරස පුලුවන් නම් ඔප්පු කර පෙන්වන්න ඒ අදාල කෙටි චිත්‍රපට මොනවාද කියා..එම කෙටි චිත්‍රපට සහ ගූගල් ලූන් අතර සම්බන්දයක් පෙන්වන්න.

මා ඉතා වගකීමෙන් පැහැදිලිව කියන්නෙ එම කෙටි චිත්‍රපට 3ම සින්හල දෙමල සහ ජපන් භාශාවලින් නිර්මානය කලේ රටේ ක්‍රියාත්මක කරමින් යන FREE WIFI වැඩසටහන සමබ්නදයෙන් ය.රටේ නව ඩිජිටල් පෙරලියේ වෙනස්කම් සහ නොමිලෙ ලබදෙන අන්තර්ජාල පහසුකම් පිලිබදව ජනතාව දැනුවත් කරලීම වෙනුවෙනි.

ඒ හැර සිරස සදහන් කරන ආකාරයට ඒ කිසිවක ගූගල්ලූන් ව්‍යාපෘතිය හා කිසිදු සම්බන්දයක් නොමැත.

මේ අනුව පෙනීයන්නෙ සිරස නාලිකාව ව්‍යාජ තොරතුරු යොදා ගනිමින් පුවත් ප්‍රචාරය කරන බවයි .ඒ පිලිබදව මාගේ බලවත් කණගාටුව සහ සිරස සදාචාරය ගැන සාතීශ්‍ය සංවේගය පලකරමි.

මදූක තක්සල
« PREV
NEXT »