Friday, August 18, 2017
Home
Gossip Lanka News
තර්ජනය නිසා නාමල්ට වැඩ වරදී
තර්ජනය නිසා නාමල්ට වැඩ වරදී
-
Friday, August 18, 2017
පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පසුගියදා (15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි ආරංචි පවසයි.
ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මහතා එදින පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබියදී රෝහිත රාජපක්ෂ මහතාගේ සහායට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මහතා මෙම තර්ජනය කර ඇති බවද පැවසේ.
මෙලෙස තර්ජනය කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දක්ෂ විමර්ශන නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට බවද පොලිස් ආරංචි කියයි.
කිෂ් ව්‍යාපෘතියේ සිදුව ඇතැයි කියන මුල්‍ය අක‍්‍රමිතා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින පරීක්ෂණ සිදුකරන්නේ ද ශාන්ත ලලිත් මහතා බව පොලිසිය කියයි.
උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇත.
