Sunday, August 13, 2017
Home
Gossip Lanka News
රජයේ වාණිජ ව්‍යාපාර 16ක් සුදු අලි
රජයේ වාණිජ ව්‍යාපාර 16ක් සුදු අලි
-
Sunday, August 13, 2017
බලශක්ති, බැංකු, නාවික කටයුතු වැනි මූලික අංශ නියෝජනය කරන රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55 න් ලාබ ලබනුයේ 39 ක් පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
වාණිජ ව්‍යාපාර හැකි තරම් ලාබදායි ඒවා බවට පත් කොට රටට ලැබෙන බදු හා ලාභාංශ මුදල් වැඩිකර ගැනීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
රජය සතුව රාජ්‍ය ව්‍යාපාර 400ක් පමණ ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කොට තිබේ.
මේ ව්‍යාපාරයන් අතුරින් 55ක් ඉතා වැදගත් වාණිජ්‍ය ව්‍යාපාර ලෙස ද 345ක් වාණිජමය නොවන රාජ්‍ය ව්‍යාපාර ලෙස ද හඳුන්වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55න් 39ක් ලාභදායි වන අතර, 16ක් අලාභදායිව පවත්වාගෙන යනු ලැබේ.
