Monday, August 21, 2017
Home
Gossip Lanka News
සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති
සංවර්ධන සහකාරවරු 20,000ක් බඳවා ගැනෙති
-
Monday, August 21, 2017
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා නව සංවර්ධන සහකාරවරුන් විසිදහසක් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.
එම නව නිලධාරීන් විවිධ ක්ෂේත්‍ර යටතේ සේවය සඳහා යොදවන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජය භාර ගන්නා අවස්ථාවේදී තිබූ ණය බර පසුගිය දෙවසර තුළ සාර්ථකව පාලනය කිරීම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය විසඳීමට අවස්ථාව ලැබී ඇතැයිද කීය. කුඩා සුළු හා ව්‍යවසායකයින් මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් දියුණු කිරීමට අවශ්‍ය දැනුම, පුහුණුව මේ නිලධාරීන්ට ලබාදෙන බවත්, ඉන්පසු ඔවුන් සේවයේ යොදවන බවත් කී අගමැතිවරයා එම තනතුරු සඳහා දැනටමත් අයැදුම්පත් කැඳවා ඇතැයිද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතිකළ ජාතික ආණ්ඩුවේ ගමන හෙමින් සීරුවේ බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අඩියෙන් අඩිය ජනපතිවරයාත්, තමාත් සාකච්ඡා කරමින් ඉදිරියට යන බව ද කීය.
නැගෙනහිර පළාතේ පවතින ගුරු හිඟය දුරු කිරීම සඳහා අලුතින් උපාධිධාරීන් 1700ක් දෙනා බඳවා ගන්නා බවත් අගමැතිවරයා කීය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පියවර ගනු ලැබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ එරාවුර් නව නගරසභා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
