BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 06, 2017

කොරේ පිටට මරේ ඇමති රවීගේ රවි උච්චවේ - ඇමැති රවීට ලොතරැයිය පැවරීම ගැන පෙත්සම් විභාගය 30 දා

විදේශකටයුතු ඇමැති රවී කරුණානායක මහතාට මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබාදීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන ඔක්තෝබර් මස 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීරණය කෙළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොනු කළ මෙම පෙත්සම් සම්බන්ධ නොතීසි නීතිපතිවරයා වෙත ලැබී නොතිබීම නිසා මෙම පෙත්සම සලකා බැලීම කල් තබන ලදී.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක, මුදල් හා ජනමාධ්‍ය කටයුතු ඇමැති මංගල සමරවීර සහ නීතිපතිවරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටිති.

මෑතකදී කරන ලද කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධ කටයුතු විදේශ කටයුතු ඇමැතිවරයාට අයත් විෂය පථයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ජුනි මස 09 වැනිදා ප්‍රකාශයට පත් කර ඇතැයි පෙත්සම්වල සඳහන් විය.

එහෙත් එය පැවතිය යුත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ බවද පෙත්සම්කරුවන් පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

මෙම ලොතරැයි මණ්ඩල දෙකම පිහිටුවා ඇති විශේෂ පනත අනුව එය මුදල් අමාත්‍යාංශය යටතේ පැවතිය යුතු බවද පෙත්සම්වල සඳහන් විය.

මෙලෙස මුදල් අමාත්‍යංශය යටතේ පැවතිය යුතු ආයතන විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යව්‍යස්ථාවේ 3,4, 42(1), (2), 148 යන වගන්තීන්ට පටහැනි බවට පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එසේම එය 1963 අංක 11 දරන මූල්‍ය පනත සහ 1997 අංක 20 දරන සංවර්ධන ලොතරැයි මණ්ඩල පනතට පටහැනි බවද පෙත්සම්වල සඳහන් විය.

එබැවින් ලොතරැයි මණ්ඩල දෙක සම්බන්ධයෙන් කටයුතු කිරීමට ‍විදේශ කටයුතු ඇමැතිවරයාට බලයක් හෝ අධිකාරියක් නැති බවට ප්‍රකාශයක් කරන ලෙසද 2022/34 දරන ගැසට් නිවේදනය මඟින් විදේශ කටයුතු ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මෙම පෙත්සම් මඟින් ඉල්ලා තිබේ. ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා සහ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
« PREV
NEXT »