BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 02, 2017

නොමිලේ ප්‍රතිකාර කිරීම ඇරඹූ දිනම නෙවිල් ප්‍රනාන්දු රෝහලට පැය 6 ට රෝගීන් 170 ක්‌

රජයට පවරා ගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලෙන් ජනතාවට නොමිලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමත් සමඟ ඊයේ (01 දා) උදේ 8.00 සිට පස්‌වරු 2.00 දක්‌වා වූ පැය 6 ක්‌ තුළ රෝගීන් 170 ක්‌ පමණ ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය බිමන්ත ගුණසේකර මහතා zදිවයිනZ ට පැවසීය.



ඊයේ සිට ජනතාවට මෙම රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර සේවා ලබාගත හැකි බවත්, රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාදීම ඉදිරියටත් සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතා විසින් ඊයේ පළමු රෝගියා ඇතුළත් කරගෙන තිබේ.

« PREV
NEXT »