Friday, August 11, 2017
Home
Gossip Lanka News
ජනාධිපතිට එරෙහි 700 MHz තරංග චෝදනාව බොරු
ජනාධිපතිට එරෙහි 700 MHz තරංග චෝදනාව බොරු
-
Friday, August 11, 2017
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාත විවිධ ආයතනයන්ට අයථා ලෙස ලබා දී ඇතැයි මේ වන විට ඇතැම් මාධ්‍ය විසින් පළකර ඇති වාර්තා සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු අවධාරණය කර සිටියේය.
මහජනයා සතු විද්‍යුත් සංඛ්‍යාත 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාධ්‍ය ආයතනයට ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් රජයට ඍජුවම රුපියල් බිලියන 3 කට අධික පාඩුවක් සිදුකිරීම ගැන පරීක්ෂණ නොකරන්නේ මන්දැයි ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ (Democrats for anti corruption) නමැති සංවිධානයේ කැඳවුම්කරු සේකර බන්ධුනාථ නමැත්තෙකුගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් පාදක කර ගනිමින් ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල් තරංග පරාසය තවමත් වෙළෙඳපොළට නිකුත් කොට නොමැති තත්ත්වයක් තුළ, එකී තරංග පරාසය ටෙන්ඩර් කිරීමකින් තොරව පෞද්ගලික අංශයට විකිණීමෙන් රාජ්‍යයට බරපතළ අලාභයක් සිදුවී ඇති බවට සිදු කරනු ලබන එවැනි චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව එම ප්‍රකාශකයා කියා සිටියේය.
එම ප්‍රකාශකයා සඳහන් කල පරිදි, ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්තිය සඳහා නිර්දේශ කර ඇති 700 MHz(694-806) MHz, තරංග පරාසයට UHF නාලිකා 49 සිට 62 දක්වා අඩංගු වේ.
දැනට මෙම නාලිකා ඇනලොග් TV සඳහා භාවිතා වේ.
මෙම සංඛ්‍යාත ලබාදීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් TV ව්‍යාපෘතිය ආරම්භ වන දිනය දක්වා පමණක් බල පැවැත්වෙන පරිදිය.
TRN නීති විරෝධීව භාවිතාව :
තවද ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක් (TRN) ආයතනය තරංග මාලා කිහිපයක් ඩිජිටල් තාක්ෂණයෙන් විකාශනය සඳහා නීති විරෝධීව භාවිතා කරයි.
මේ පිළිබඳව කොළඹ හා යාපනය අධිකරණවල එකිනෙකට ස්වායත්ත නඩු දෙකක් පැවැත්වේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිවිටෙක ටෙන්ඩර් කැඳවීමකින් හෝ වෙන්දේසියකින් රූපවාහිනී නාලිකා සඳහා සංඛ්‍යාත ලබා දී නැත.
700 MHz සංඛ්‍යාත පරාසය සඳහා කිසිවිටෙක වෙනත් විදුලි සංදේශ සේවාවන් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර නැත.
1997 නොවැම්බර් 01 දිනැති අංක 1104/4 ගැසට් පත්‍රයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අයකරනු ලබන වාර්ෂිකව ගාස්තු සඳහන් කර ඇති අතර පසුව අයවැය යෝජනා අනුව ඉහත ගැසට් පත්‍රයේ ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් සංඛ්‍යාත විමෝචක උපකරණ ගාස්තු ලෙස අය කරයි.
පාරදෘෂ්‍ය ලෙස කටයුතු කර ඇත :
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ වන විට රජයේ ප්‍රතිපත්තිවලට අනුව TV විකාශනය ඩිජිටල් කිරීම සඳහා කටයුතු කරමින් සිටී.45632573
රූපවාහිනී නාලිකා ඩිජිටල් කිරීමෙන් අනතුරුව 700 MHz තරංග මාලාව ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා වෙන්කර අදාළ ආයතනවලට ලබාදීමට කටයුතු කරනු ලැබේ.
ඒ අනුව, 2015 වර්ෂයේ සිට මේ වන තුරු ලබා දී ඇති සියලු බලපත්‍ර, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ දින පටන් අනුගමනය කරන ලද පටිපාටි අනුව පමණක් ලබා දී ඇති අතර සෑම විටම පාරදෘෂ්‍ය ලෙස කටයුතු කර තිබේ.
එබැවින්, මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ විකාශනය වන ප්‍රචාර අසත්‍ය සහ පදනම් විරහිත බව අවධාරණය කෙරේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...