BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 11, 2017

රවි අස්‌වුණත් චෝදනාවෙන් නිදහස්‌ නෑ - සුසිල් ප්‍රේම්ජයන්ත

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්‌වුවත් එම චෝදනාවෙන් නිදහස්‌ නොවන බව තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගයට අනුව හිටපු මුදල් ඇමැතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට ඔප්පු වී ඇතැයි ද ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.



වැරදිකරුවන් කවුද කියා අවසන් වාර්තාව එනතුරු සිටීමට අවශ්‍යතාවක්‌ නැතැයි ද, කොමිසමේ සාක්‍ෂිවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට වගකීමක්‌ තිබෙන බවද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත ඇති කළ මෙම කොමිසමේ අයිතිය ඇතැමුන් ගැනීමට දැන් උත්සාහ ගනිමින් සිටින බව කී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, එදා එම කොමිසම ඇති කරන අවස්‌ථාවේදී මෙම සිද්ධිය යට ගැසීමට දරන උත්සාහයක්‌ බවට ඔවුන් කී බව ද සඳහන් කළේය.

කවුරුන් හෝ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වුව ද එය සමස්‌ත ආර්ථිකයට සිදු වූ අතිවිශාල පාඩුවක්‌ බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.
« PREV
NEXT »