Saturday, August 12, 2017
Home
Gossip Lanka News
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න
-
Saturday, August 12, 2017
පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන අයුරින් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාවලට පටහැනි අයුරින් හැසිරී ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද කඩ කැර ඇති හෙයින් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදි ඊයේ (11) ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසන අයුරින් කළ කටයුතු, බරපතළ හා බැරෑරුම් ආකාරයේ වැරදි හැසිරීම් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රදර්ශනය වී ඇතැයි ද එම වැරදි සඳහා අතීත නීති කෘත්‍යයන් හා වත්මන් වරප්‍රසාද රීති අනුව පියවර ගන්නා ලෙසද වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය. හම්බන්තොට වරාය පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ පසුගිය 28 වැනිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඝෝෂා කරමින් පාර්ලිමේන්තුව කල්තබන තත්ත්වයට පත්කරමින් සිදු කළ හැසිරීම් සම්බන්ධයෙන් අජිත් පී .පෙරේරා මහතා මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කෙළේය. සභාව කල් තැබීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සභාව කැඳවීමේ සීනුව නාද කිරිම,ප්‍රියංකර ජයරත්න මහතා කතානායක ආසනනයේ හිඳ ගැනීම, ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ආසනයේ අසුන් ගැනීම,රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා සිතමතාම පාර්ලිමේන්තුවට අගෞරව කිරීමේ චේතනාවෙන් මේ සියල්ල සිදු කළා යැයි මාධ්‍යයට පැවසීම,ඇතුළු සියළු ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවට අගෞරවයක් බවත් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කෙළේය.
