BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 04, 2017

බන්දුලගේ අගමැති සිහිනයක් පිළිබදව ඉගියක් - විශ්වාසභංගය රවීට ගෙනත් වැඩක්නෑ ආණ්ඩුවටම ගේමු

අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මන්ත්‍රීවරුන් 32කුගේ අත්සනින් මෙම විශ්වාසභංගය සකස් කර ඇති බව ය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාට භාර දුන් බව ද ඔහු සඳහන් කළේ ය. අප කළ විමසීමකදී නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ එම විශ්වාසභංග යෝජනාව භාර දුන් බව ය.

මේ පිළිබඳව අප කල සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම විශ්වාසභංගයට මන්ත්‍රී අත්සන් එකතු කිරීමේදී හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ චෝදනා එල්ල වී ඇති මහින්ද රාජපක්ෂට එරෙහි වීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම අත්සන් එකතු කිරිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට ගණන් වැරහී තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන පරිදි රාජපක්ෂ සිදුකල සාකඡ්වක් අතර තුර මෙම විශ්වාසභංගය පිළිබදව පැන නැගී ඇත මහින්ද රාජපක්ෂ විසින් කියා ඇත්තේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට තමන් විරුද්ධ වූ බවත් බන්දුල ගුණවර්ධනගේ වුවමනාවට මෙම විශ්වාසභංගය ගෙන ආ බවත් එයට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් අත්සන් නොකළ සිටි බවත්ය.

තවදුරටත් වාර්ථාවන පරිදි  මෙම විශ්වාසභංගය ගෙන ඒමට පෙර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අතරතුරදීද රවිට විශ්වාසභංගයක් ගෙන එම පිලිබදව මහින්ද රාජපක්ෂ බලවත් විරෝධයක් දැක්වූයේය.එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු අකාරය පිළිබදවය.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරයත් ප්‍රකාෂ කර ඇත්තේ ‘‘බන්දුලගේ අගමැති සිහිනයක‘‘ සිහිනයක් පමණයි යනුවෙනි.


« PREV
NEXT »