Tuesday, August 22, 2017
Home
Gossip Lanka News
නව දේශීය ආදායම් පනත සිකුරාදා පාර්ලිමේන්තුවට
නව දේශීය ආදායම් පනත සිකුරාදා පාර්ලිමේන්තුවට
-
Tuesday, August 22, 2017
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත මේ සිකුරාදා (25 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. දැනට රටේ බදු ආදායමින් වැඩි බදු බරක් දරන්නේ දුප්පත් ජනතාව බවත්, ඒ තත්ත්වය වෙනස් කර සෘජු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා මේ නව පනත ඉදිරිපත් කරන බවත් ඊයේ (21 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මුදල් ඇමැතිවරයා කීවේය.
මුළු රාජ්‍ය බදු ආදායමින් සෘජු බදු ප්‍රතිශතය 20% ක් බවත් එය ඉදිරි වසර කිහිපය තුළ 40% ක් දක්‌වා ඉහළ නංවා ගැනීම සහ මේ අනුව වක්‍ර බදු ප්‍රතිශතය 80% සිට 60% දක්‌වා අඩු කර ගැනීම රජයේ ඉලක්‌කය බවත් ඇමැතිවරයා කීය.
ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශද ඇතුළත්ව තවත් සංශෝධනද සහිතව සංශෝධන 111 ක් ඇතුළත් කර මෙම නව දේශීය ආදායම් පනත් කෙටුම්පත සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පවසයි.
රටට ආදරයේ කරන කිසිවෙක් මේ පනතට විරුද්ධ නොවන බවද මෙයට විරුද්ධ වන්නේ කලු සල්ලිවලින් යෑපෙන අය පමණක් බවද මුදල් ඇමැතිවරයා තවදුරටත් කීවේය.
