Saturday, August 12, 2017
Home
Gossip Lanka News
අගමැතිට මල පනී - හොරු හුරතල් නවත්වා පෝලිමට ඇතුලට දාන්න රනිල්ගෙන් උපදෙස්
අගමැතිට මල පනී - හොරු හුරතල් නවත්වා පෝලිමට ඇතුලට දාන්න රනිල්ගෙන් උපදෙස්
-
Saturday, August 12, 2017
බරපතළ වංචා - දූෂණ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් පවතින නඩුවලට අදාළ කටයුතු කඩිනම් කර, ඒවාට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවල දී කුමන තරාතිරමේ අයකු බාධා කළ ද ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවල දී ආණ්ඩුවට අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පොරොන්දු වූ පරිදි දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම බවත් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් රැසක් අගමැතිවරයාට පෙන්වා දී තිබේ. එම සංවිධායකවරුන් අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ දූෂිතයන්ට දඬුවම් කිරීමේ පොරොන්දුව පිළිබඳව ජනතාව දැඩි විශ්වාසයක් තබා තිබුණු බවත්, එය මේ වනවිට බිඳවැටී ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සමග අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. එහි දී ආණ්ඩුවේ බහුතරයක් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ බරපතළ වංචා-දූෂණ සහ අපරාධවලට සම්බන්ධ පිරිස් නිදහසේ සිටීම නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත් වී ඇති බවයි.
රවී කරුණානායක ඇමැති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ජනතාව තුළ නැවත වරක් ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැංවිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, ඒ නිසා ඒ තත්ත්වය පවත්වා ගැනීමට අදාළ කටයුතු කඩිනමින් සිදු කළ යුතු බවත් ආණ්ඩුවට සමීප දේශපාලන විශ්ලේෂකයන් ද අවධාරණය කර ඇත. මේ සියලු කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද ඉදිරි සතියේ දී කටයුතු කරනු ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්ව වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙසත්, ඉන් බැහැරව කටයුතු කිරීමෙන් පක්ෂයට මෙන්ම සම්මුතිවාදී රජයට එල්ලවන අයහපත් බලපෑම්වලින් රජයේ ඉදිරි ගමනට බාධා සිදුවන බව එජාප සියලුම මන්ත්‍රින් අවබෝධ කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එජාප මන්ත්‍රින්ට දන්වා ඇතැයි දැනගන්නට තිබේ.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්වය උල්ලංඝනය වන ආකාරයෙන් ඇතැම් මැති ඇමැතිවරුන් නිකුත් කරන ප්‍රකාශ හේතුවෙන් විරුද්ධවාදීන්ට පක්ෂයට හා රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට මාතෘකා සකස් කර නොදිය යුතු බවද හෙතෙම අවධාරණය කර ඇතැයිද සඳහන් වෙයි.
පක්ෂය, පක්ෂයේ සාමූහික තීරණ හා ඉදිරි සැලසුම්වලට හානිකර ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස එජාප මන්ත්‍රිවරුන්ට දන්වා යවන ලෙස අග්‍රාමාත්‍යවරයා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබෙන බවද සඳහන් වෙයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...