Thursday, August 31, 2017
Home
Gossip Lanka News
එජාප මහ ලේකම්ගේ ගෙදර වතුර කපලා - බිල් ගැන ඇමති කියන කතාව මෙන්න
එජාප මහ ලේකම්ගේ ගෙදර වතුර කපලා - බිල් ගැන ඇමති කියන කතාව මෙන්න
-
Thursday, August 31, 2017
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ගේ කොළඹ ලේක් ඩ්‍රයිව් හී පිහිටි නිවසේ ජල බිල්පත් ගෙවා නොමැති බව පවසා නිලධාරීන් පැමිණ ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර තිඛෙනවා.
ජල සැපයුම විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන්ට ඒ වන විට නිවසේ සිටි සේවකයන් එවැනි මිල ගණනක ජල බිල්පතක් නොලැබුණු බව පවසා ඇති අතර, නමුත් ඒ වන විට නිවසේ රාජකාරී රැස්වීමක නිරතව සිටි අමාත්‍යවරයා, සේවකයන් හරහා එම නිලධාරීන්ට දන්වා ඇත්තේ, ඔවුන් විසින් පවසන රුපියල් 3,500 ක හිඟ මුදල ගෙවා දමා බිල ඉදිරිපත් කිරීමට පැය භාගයක කාලයක් ලබා දෙන ලෙසයි.
නමුත් එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානියා, ඒ දක්වා අමාත්‍යවරයාගේ නිවසට එම මිල ගණනට අදාළ බිල්පත නොලැබී තිබීම හෝ පැය භාගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම නොතකා හරිමින්, අමාත්‍යවරයෙකු ලෙස විශේෂ වරප්‍රසාද හිමි විය යුතු නැතැයි පවසමින් ජලය විසන්ධි කර තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා, රජයේ සේවකයන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම තමාගේ ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළා.
තමා අමාත්‍යවරයෙකුට වඩා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස මෙම යහපාලන රජය පිහිටුවීම සඳහා ජීවිතය දෙවැනි කොට සටන් කිරීමේ අගය,රාජ්‍ය සේවකයෙකුට මෙසේ හැසිරෙන්නට ලැබීමෙන් සනාථ වන බවත් පෙන්වා දුන්නා.
ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකුට වචනයක් කීමට හෝ හැකියාවක් නොතිබි රාජ්‍ය සේවය මේ රජය යටතේ කෙතරම් නිර්භීත තත්ත්වයකට පත් වී ඇත්දැයි සහ නිදහස්දැයි තීරණය කිරීමට මේ සිදුවීමම ප්‍රමානවත් බවද සඳහන් කළා.
නමුත් තමන් අමාත්‍යවරයෙකු ලෙස අපහසුවට සහ කණගාටුවට පත් නොවුණ ද,සාමාන්‍ය මිනිසෙක් ලෙස ගත් විට මෙය කණස්සල්ලට කරුණක් බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. නොලැබුණු බිල්පතක් බවට තොරතුරු තිබියදී තමාට අවස්ථාවක් නොලැබී යාම මහජනතාව ඉදිරියේ ක්‍රියා කළ යුතු නම්‍යශීලී තත්ත්වය නොතකා හැරීමක් බව තමාට හැගෙන බවයි පැහැදිළි කළේ.
