Thursday, August 31, 2017
Home
Gossip Lanka News
දුමින්ද ඩිලාන් එක මිටට – හරි අතට එක්වෙයි
දුමින්ද ඩිලාන් එක මිටට – හරි අතට එක්වෙයි
-
Thursday, August 31, 2017
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විවේචනය කිරීම පසුගිය සමයේදි දේශපාලන වේදිකාව උණුසු කිරීමට හේතුවිය.
නමුත් ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ සංවිධාන කටයුතු පිළිබඳව පැවැත්වෙන විශේෂ සාකච්ජාවකට සම්බන්ධ වී සිටින අමාත්‍යවරුන් දෙපළ ඉතා සුහදව එම කටයුතු වලට සම්බන්ධ වී සිටි බව වාර්තා වීනි.
කිසිදු හිත් අමනාපයකින් තොරව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පෙළගැසී සිටින බවට මෙය කදිම සාක්ෂියක් වන අතර පසුගිය සමයේදී මෙම දෙපළගේ සුලු විවේචනයන් නිසා මහත් අමන්දානන්දයට පත්ව සිට්න ඒකාබද්ධ විපක්ශයට මෙය බරපතළ කනේ පහරක් බවත් දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.
