BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 09, 2017

විසිවැනි සංශෝධනයට ඒකාබද්ධය නඩු මගට යනවා - ගම්මන්පිල කියයි

පළාත් සභා සියල්ලෙහිම මැතිවරණය එක්‌ දිනයකදී පැවැත්වීමට ආණ්‌ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඉදිරිපත් කිරීමට සූදානම් වන 20 වැනි සංශෝධනය ජනතාවගේ ඡන්ද බලය සහ පරමාධිපත්‍යය ගැන කියෑවෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි වගන්තියට පටහැනියි. 1982 දී ලාම්පු කළගෙඩි ඡනමත විචාරණය පැවැත්වීමට සිද්ධ වුණෙත් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම ව්‍යවස්‌ථාවේ 3 වැනි වගන්තියට පටහැනි වූ නිසා යෑයි පැවසූ ගම්මන්පිල මහතා 20 වන සංශෝධනය සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය 2019 සැප්තැම්බර් දක්‌වා කල් යන බවද කියා සිටියේය. හෙතෙම එම අදහස්‌ ප්‍රකාශ කර සිsටියේ ඊයේ (8 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
« PREV
NEXT »