Sunday, August 27, 2017
Home
Gossip Lanka News
ආණ්‌ඩුවෙන් යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ
ආණ්‌ඩුවෙන් යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ
-
Sunday, August 27, 2017
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවේ කොටස්‌කරුවකු ලෙස තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය පක්‍ෂ දෙකේ ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු මධ්‍යම කාරක සභාව රැස්‌වී තීන්දු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
එජාපයත් ශ්‍රීලනිපයත් එකට එක්‌වී ජාතික ආණ්‌ඩුවක් ලෙස කටයුතු කිරීම පිළිබඳව 2015 අගෝස්‌තු මස අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවත් ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාව රැස්‌වී අදාළ තීරණය ගන්නා බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ඒ අනුව 2017 දෙසැම්බර් මාසය තෙක් ශ්‍රීලනිපය ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙකු ලෙස කටයුතු කරන බවත් අනතුරුව මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට අනුව ඉදිරි කටයුතු සිදුකරන බවත් ජනාධිපතිවරයා කීය.
තවදුරටත් ආණ්‌ඩුවේ ඉන්නවාද ඉවත් වෙනවාද නොඑසේ නම් ආණ්‌ඩුවෙන් ඉවත් වී ස්‌වාධීනව කටයුතු කරනවාද යන්න පිළිබඳව ගන්නා තීරණයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට තීරණය කළහොත් එය ආණ්‌ඩුවට එරෙහි වී කටයුතු කිරීමට ගන්නා තීරණයක් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති නිල නිවසේදී පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ පැවැසීය.
