Tuesday, August 29, 2017
Home
Ruwan Wijewardene
නාවික හමුදාපතිගෙන් ඇමති රුවන්ට සමරු තිළිණයක්
නාවික හමුදාපතිගෙන් ඇමති රුවන්ට සමරු තිළිණයක්
-
Tuesday, August 29, 2017
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවිය.
නාවික හමුදාපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හමු වූ පළමු නිල හමුව මෙය වේ. එහිදී ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුභාශිංසන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහඳ පිළිසඳරක නිරත විය.
එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
දිනමිණ ඇසුරෙනි
