Thursday, August 24, 2017
Home
Gossip Lanka News
මුදල් ඇමති ලාභ බෙදයි අඩු වුන බදුවලට වැඩිපුර GB
මුදල් ඇමති ලාභ බෙදයි අඩු වුන බදුවලට වැඩිපුර GB
-
Thursday, August 24, 2017
එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට දත්ත මත පනවා තිබූ දුරකතන බදු ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලිසංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලිසංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි.
රජයේ මෙම තීරණයත් සමඟම සියලුම අන්තර්ජාල පැකේජ/කාඩ්පත් සඳහා අතිරේක 10% ක බෝනස් දත්ත ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදන බව මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම බෝනස් දත්ත ලබා දීම විදුලිසංදේශ නියාමන කොමිසමේ අනුමැතියට යටත් වන බවත් 2017 සැප්තැම්බර් 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාවට නංවනු ලබන බවත් මෙහිදී අවධාරණය කෙරේ.
