Thursday, August 10, 2017
Home
Gossip Lanka News
සංවේදී කතාවක් කරමින් රවී ඉල්ලා අස්වේ Video
සංවේදී කතාවක් කරමින් රවී ඉල්ලා අස්වේ Video
-
Thursday, August 10, 2017
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
කෙසේ නමුත් තමාට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට තමන් නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
එසේම එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරනු ඇති බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා ද ඉන් පසු පාර්ලිමේන්තුව අමතනු ලැබීය.
කෙසේ නමුත්, බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි රවී කරුණානායක මහතාගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
මේ අතර ඒ මහතාගේ ආධාරකරුවන් රාශියක් එම ස්ථානයේ රැඳී සිටි බවත් වාර්තා වේ.
