BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

ව්‍යවස්ථාවේ වෙනසක් ? මෛත්‍රී 2025 තෙක් ජනපති?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ශ්‍රීලනිපයට හානි නොවන ආකාරයේ එකඟතාවයක් ඇති කර ගැනීමටත් 2025 දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධූරය දැරීමට අවස්ථාව ලබාදී විශේෂ බලතල කිහිපයක් ඒ දක්වා ජනාධිපතිවරයාට පැවරීමටත් දේශපාලන පක්ෂ නායකයින් කිහිපදෙනෙකු අතර සාකච්ඡා ඇතිවී ඇතැයි රාවය පුවත්පත වාර්තාකර තිබේ.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය 2020 ජනවාරි 09 වැනිදා තෙක් බල පැවැත්වෙන අතර 2019 දී නව ව්‍යවස්ථාව සම්මතකර ගැනීමටත්, එම ව්‍යවස්ථාව අනුව එකවරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර පියවර කිහිපයකින් එය කිරීමටත් යෝජනා වී ඇතැයි ද පැවසේ.

ඒ අනුව 2019 සිට 2020 ජනවාරි දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලය ක්‍රියාත්මකවන අතර 2020 ජනවාරි 09 වැනිදායින් පසුව ජනාධිපතිවරණයක් වෙනුවට නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට සැලැසුම් කර තිබේ.

එහිදී ප්‍රධාන පක්ෂවල එකඟතාවය වී ඇත්තේ ජනාධිපති ධූරයට මෛත්‍රීපාල සිරිසේන මහතාම තෝරා පත්කර ගැනීමට බවද පැවසේ.

ජනාධිපතිධූරයට 2020 සිට 2025 දක්වා යම් විශේෂ බලතල පැවරියයුතු බවටත්, 2025න් පසුව එම බලතල පාර්ලිමේන්තුවට පැවරිය යුතුබවටත් එකඟතා ඇතිවී ඇතැයි වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේවන විට එසේ විශේෂ බලතල කිහිපයක් 2025 දක්වා ජනාධිපති ධූරයට පැවරීමට එකඟවී ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ එකඟතාවය මත දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්ධන් මහතා ද සාකච්ඡා කර ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා නායකත්වය දරණ එක්සත් වාමාංශික පෙරමුණ ද මේ යෝජනාව සඳහා එකඟතාව පළකරන බව රාවය පුවත්පතට පවසා තිබේ. එසේම ඒ සඳහා ඉදිරියේදී අනෙක් පාර්ශව වල එකඟතාවය ලබා ගන්නා බවද ඔහු පවසා ඇත.
« PREV
NEXT »