Tuesday, September 19, 2017
Home
Gossip Lanka News
වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට
වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට
-
Tuesday, September 19, 2017
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.
අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ.
එම අනියම් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා ඔවුන්ට ලංවිම පාලනාධිකාරිය අද පස්වරුවේ ලිපි නිකුත් කිරීම ආරම්භ කළ බව ද ලංවිම ප්‍රකාශකයෙක් කීවේය. ඉවත් කරන අනියම් සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් ඉතා ඉක්මණින් බඳවා ගැනීමට ලංවිම පලනාධිකාරිය තීන්දු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
