Thursday, September 07, 2017
Home
Gossip Lanka News
ජාතික ආණ්ඩුව රැකියා ලක්ෂ 4ක් බිහි කරලා
ජාතික ආණ්ඩුව රැකියා ලක්ෂ 4ක් බිහි කරලා
-
Thursday, September 07, 2017
ජාතික ආණ්ඩුව මේ වන විට රැකියා ලක්ෂ හතරක් බිහි කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
විධිමත්, අවිධිමත් සහ ස්වයංරැකියා අංශවල රැකියා ලක්ෂ හතරක් මෙම වසර දෙකහමාර තුළ බිහි කර ඇතැයි කී අගමැති වික්‍රමසිංහ මහතා ඉන් බොහෝමයක් හොඳ ආදායම් ලබන රැකියා බවද පැවැසීය.සමහර රැකියාවල ආදායම ගැන තෘප්තිමත් වීමට නොහැකි වුණද ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබිය හැකි බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ අනෙකුත් තරුණ තරුණියන්ටද රැකියා ලබා දීමටද ක්‍රියා කරන බවද කීය.
අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවති සර්ව ආගමික වැඩසටහනට සහභාගි වෙමිනි.
මේ වසර දෙක හමාර තුළ නිවාස ලක්ෂ දෙකක් ඉඳි කිරිම සඳහා ආධාර ලබා දිම, රජයේ සේවකයින්ගේ වේතනය රුපියල් දස දහසකින් වැඩි කිරීම, ගැබිණි මව්වරුන්ට රුපියල් විසි දහසක පෝෂණ මල්ලක් ලබා දීම, ඉන්ධන මිල සියයට විසි දෙකකින් අඩු කිරිම සහ දරුණු අපරාධ සියයට තිහකින් අඩු කිරිම වැනි ජනතාව වෙනුවෙන් සහන ගණනාවක් ක්‍රියාත්මක කළ බවද පැවැසිය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...