Thursday, September 07, 2017
Home
Gossip Lanka News
ජාතික ආණ්ඩුව රැකියා ලක්ෂ 4ක් බිහි කරලා
ජාතික ආණ්ඩුව රැකියා ලක්ෂ 4ක් බිහි කරලා
-
Thursday, September 07, 2017
ජාතික ආණ්ඩුව මේ වන විට රැකියා ලක්ෂ හතරක් බිහි කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
විධිමත්, අවිධිමත් සහ ස්වයංරැකියා අංශවල රැකියා ලක්ෂ හතරක් මෙම වසර දෙකහමාර තුළ බිහි කර ඇතැයි කී අගමැති වික්‍රමසිංහ මහතා ඉන් බොහෝමයක් හොඳ ආදායම් ලබන රැකියා බවද පැවැසීය.සමහර රැකියාවල ආදායම ගැන තෘප්තිමත් වීමට නොහැකි වුණද ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබිය හැකි බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ අනෙකුත් තරුණ තරුණියන්ටද රැකියා ලබා දීමටද ක්‍රියා කරන බවද කීය.
අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවති සර්ව ආගමික වැඩසටහනට සහභාගි වෙමිනි.
මේ වසර දෙක හමාර තුළ නිවාස ලක්ෂ දෙකක් ඉඳි කිරිම සඳහා ආධාර ලබා දිම, රජයේ සේවකයින්ගේ වේතනය රුපියල් දස දහසකින් වැඩි කිරීම, ගැබිණි මව්වරුන්ට රුපියල් විසි දහසක පෝෂණ මල්ලක් ලබා දීම, ඉන්ධන මිල සියයට විසි දෙකකින් අඩු කිරිම සහ දරුණු අපරාධ සියයට තිහකින් අඩු කිරිම වැනි ජනතාව වෙනුවෙන් සහන ගණනාවක් ක්‍රියාත්මක කළ බවද පැවැසිය.
