BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 02, 2017

ශ්‍රීලනිප 66 වැනි සම්මේලනය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සම්මේලනය පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03 දා) පස්‌වරු 1.30 ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.

'ජන බලය හරි අතට' යන්න තේමා කරගනිමින් පවත්වන මෙවර සම්මේලනය ඉතිහාසයේ දේශපාලන පක්‍ෂයක සම්මේලනයකට පැමිණි වැඩිම ජන සහභාගිත්වය බවට පත්වන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම සම්මේලනයේදී විශේෂ යෝජනා කිහිපයක්‌ සම්මත කර ගන්නා බවද ජනතාවගේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක්‌ යොමු කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

සෑම මැතිවරණ කොට්‌ඨාසයක්‌ම නියෝජනය වන පරිදි පාක්‍ෂිකයන් මෙම සමුළුවට සහභාගි වන බවද මෙහිදී පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්වන බවද ඒ මහතා කියා සිටියේය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පක්‍ෂයේ සියලු දෙනාටම සම්මේලනයට සහභාගි වන ලෙස ආරාධනා කර ඇති බව ද හෙතෙම කීය.
« PREV
NEXT »