BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 25, 2017

දුමින්දට දෙහි කපා හල්ලොළුව කොමර්ෂල් පොහොර සභාපතිකමින් ඉල්ලා අස්වෙයි


රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ,සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වමින් ඔහු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක වෙත අද (25) ලිපියක් ඉදිරිපත්කරමිනි.

එම ලිපිය මගින් ඔහු චෝදනා රැසක් කර තිබෙනවා.

තම  තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් තමන්ට  හිමි වූයේ නැති බවත්  අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින්, නව ව්‍යාපාර සඳහා සහය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් බවත් එම ලිපියේ සඳහන් වනවා.

රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති 'ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑමවේලක වියදම සඳහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක්, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට තමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නා.

තමන් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත් වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේත් තමන් විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

දීර්ඝව කරුණු දක්වා ඇති එම ලිපිය පහතින් 


තුසිත හල්ලොළුවල
සභාපතිල
කොළඹ කොමර්ෂල් පොහොර සමාගමල
හුනුපිටියල වත්තල.

25.09.2017
ගරු අමාත්‍ය දුමින්ද දිසානායකල
කෘෂිකර්ම අමාත්‍යාංශයල
.ගොවිජන මන්දිරය.
රජමල්වත්ත පටුමගල
බත්තරමුල්ල.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි
ඔබ 2000 වර්ෂයේදීල ලාබාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවස්ථාවේ සිට අප සමීපව ඇසුරු කළ ඒ අතීතය මා හට මේ මොහොතේ සිහි වේග මේල ඒ ගැන දිගින් දිගටම මතක් කිරීමට මෙය අවස්ථාව නොවූවත් විශේෂ කරුණක් දෙකක් මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ඔබගේ පියාගේ හදිසි අභාවයෙන් අනතුරුවල අධ්‍යාපන සේවා අමාත්‍යවරයා ලෙස ඔබ කටයුතු කරද්දී ඔබගේ කාර්‍යල කාමරයේ සිටි සියළු දෙනා ඉවත් කර එක් සන්ද්‍යාවක දොරගොළු ලා කළ ඒ සතරකන් මන්ත්‍රණයේදී වැදගත් දේශපාලන කරුණු රැසක් අප කතා කළ බව ඔබට මතක ඇතැයි සිතමිග .රටේ සාරය සූරා කමින් ජනතා බදු මුදල් විනාශ කරමින් ඉන්න රාජපක්ෂලාව ගෙදර යවන්න අපි වැඩ කරන් යනවාග ඒ කටයුත්තට ඔයත් අපිත් එක්ක එකතු වෙන්න කැමති නැද්දරෑ. යනුවෙන් මා විමසූ අවස්ථාවේ දී .හරියට වැඩේ වෙනවනම්ල අකමැත්තක් නෑ. යනුවෙන් ඔබෙන් කොළ පැහැති සංඥාවක් එදා ලැබුණු ආකාරය මට සිහි වේග එයින් පසුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මා ඔබව මංගල සමරවීර මහතා වෙත ගෙන යන ලදීගඑසේ රැගෙන යමින් ආණ්ඩුවෙන් පිටතට පැමිණීම සඳහා අවශ්‍ය විශ්වාසය නිර්මානය කළෙමි.
ඉන් අනතුරුව මාස කිහිපයක් ඇතුළත රාජපක්ෂ පාලනය ගෙදර යැවීම වෙනුවෙන් රහස්‍යය සාකච්ඡා වට කීපයක්ම ඔබත්ල මමත්ල මංගල සමරවිර මහතාගේත් සහභාගීත්වයෙන් පැවැත්විණි. ඒ සාකච්ඡා මාලාවේ තීරණාත්මක සාකච්ඡාව 2014 සැප්තැම්බර් 25 වන දින මංගල සමරවීර මහතාගේ බොල්ගොඩ ගග අසල පිහිටි නිවසේදී පැවැත්වූ ආකාරයත්ල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති එම හමුවට සහභාගි වීම සදහා මම හා ඔබ අප දෙදෙනාගේම නොවන මෝටර් රථයකින් ගමන් කළ බවද මතකයේ ඇතැයි සිතමි.
ඔබ ආණ්ඩුවෙන් පිටතට පැමිණෙන තෙක් කිසිවෙකුට නොදැනෙන ලෙස මා විසින් ඉතා ප්‍රවේශමෙන් එම රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කලේල ඔබගේ අනාගත දේශපාලන සුරක්ෂිතභාවයත්ල පෞද්ගලික ආරක්ෂාවත් සම්බන්ධයෙන් වඩාත් උනන්දු වූ බැවිනි.
ජනවාරි 8 වෙනිදා සිදු වූ විප්ලවය වෙනුවෙන් අප හා එක්වී ඉතාම අවධානම් සහගත මොහොතක සම්බන්ධ වී ඔබ සැළකිය යුතු කාර්‍යභාරයක් ඉටු කළ බව අවිවාදිතයග ජනාධිපතිවරණයෙන් අනතුරුව නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වූ පසුල ඔබ විසින් ඔබගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක තනතුරක් භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම මත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධූරය මම භාර ගතිමිග එසේ මා සම්බන්ධයෙන් ඔබ තැබූ විශ්වාසය ගැන ස්තුතිවන්ත වෙමි.
ඔබ තැබූ විශ්වාසය තහවුරු වන ලෙස සැමවිටම මා කටයුතු කළ අතරල එහි ප්‍රතිපලයක් ලෙස අකාර්යක්ෂමල දුර්වල පාලනය තුළ අයාලේ යමින් පැවති ආයතනය මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් බවට පත් කිරීමට මට සහ මගේ කණ්ඩායමට පසුගිය කාලයේ හැකියාව ලැබිණ.
කෙසේවෙතත් එම තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් මා හට හිමි වූයේ නැතග අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සදහා අනුමැතිය ඉල්ලමින්ල නව ව්‍යාපාර සදහා සහය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් අතරල වඩාත් හාස්‍යජනක කාරණය වූයේ එසේ බලපෑම් කළ බොහෝ දෙනා ජනවාරි 9 වෙනිදායින් පසුත් රාජපක්ෂවරු වන්දනාමාන කළ පිරිසක් වීමය.
එලෙස සිදු වූ බලපෑම් වලට යට නොවී හැකිතාක් නිවැරදිව සෘජුව කටයුතු කිරීමට මම උත්සහ කළෙමිග එසේ රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති .ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑමවේලක වියදම සදහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක්ල කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට මා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වන ලදීග නිත්‍යානුකූල නොවූ එම ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ අවස්ථාවේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් එය ප්‍රතික්ෂේප කළහ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විගණන කටයුතු සිදුකරන කීර්තිමත් නිළධාරියෙකු වන ලලිත් අඹන්වෙල මහතා පවා එම ගෙවීම මූල්‍ය පටිපාටියට පටහැනි බව පෙන්වා දුන්නේයග පසුව ඔබ පෞද්ගලිකවම මැදිහත් වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේත් මා විසින් එය ප්‍රතික්ෂේප කළ බව ඔබට මතක ඇතැයි සිතමි.
ජනවාරි 8 විප්ලවයේදී මේ රටේ පොදු මහජනතාව ඉල්ලා සිටියේ තමනට ඉර හද තාරුකා ලබාදෙන ලෙස නොවේග ඔවුන් ඉල්ලා සිටියේ දූෂණය වංචාව නතරකර යහපාලනය රට තුළ තහවුරු කරන ලෙසය. ඔබට එය අමතක වූවාට අපට නම් ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් මතුවූ ඒ අහිංසක ඉල්ලීම තවම අමතක වී නැතග 2015 ජනවාරි 8 වෙනිදාත්ල ඉන් පසුවත් දිගින් දිගටම අපි යහපාලනය වෙනුවෙන් පෙනී සිටිමු. ඉදිරියටත් පෙනී සිටින්නෙමුග පැහැදිලිවමතනතුරු වරදාන වලට වඩා අපට වැදගත් වනුයේ ප්‍රතිපත්තිය දිනවීමයග මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමේදීත් ප්‍රතිපත්තිමය කාරණා මත පිහිටා කටයුතු කිරීමට අප වග බලා ගත්මුතෙමු.
හිතවත් ඇමතිතුමනිල රාජ්‍ය අංශය යැපෙන්නේ ඔබේත් මගේත් පෞද්ගලික මුදලින් නොව ජනතාවගේ බදු මුදලිනිග එම බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම අපට පැවරී ඇති බරපතල වගකීමකිග පසුගිය දෙවසර තුළ ඔබ යහපාලනය සදහා කෙතරම් සාධාරණයක් ඉටු කළාදැයි ඔබේ හදවතට තට්ටු කර බලන්නට මම ආරාධනා කරමි.
ඔබ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත්වෙද්දීල ඒ පිළිබද පළමුව දැනගත් කීප දෙනා අතර මම ද වීමිග ඒ ගැන ආරංචි වී ඔබට එය සැළ කළ අවස්ථාවේ .මට ඒක බර වැඩියි. යැයි කියමින් ඔබ අදිමදි කරද්දීත්ල ඔබේ දේශපාලන අනාගතය වෙනුවෙන් එම තනතුරේ වගකීම් සාර්ථකව ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මා එදා ඔබව ධෛර්‍යමත් කළ බව ඔබට මතක ඇතැයි සිතමි.
කණගාටුවෙන් වූවත් සදහා කළ යුතු වන්නේ යහපාලනයට වින කළ දුෂ්ඨ බලවේග වල ග්‍රහණයට ඔබ මේ වනවිට පත්ව ඇති බවයග ඔබගේ නිවසටම කිහිපවතාවක්ම පැමිණල පැහැදිලි ඉදිරි දේශපාලන අනාගතයක් සහිත පුද්ගලයෙකු ලෙස වල්මත් නොවී ඉදිරියට යා යුතු බව කියමින් ඉන් ඔබව මුදවා ගැනීමට මා අවස්ථාවන් කිහිපයකදීම උත්සහ කළද ආගාධයෙන් ගොඩ ඒමට කටයුතු කරනවා වෙනුවට ඔබ කළේ තවතවත් ආගාධයේ පතුළ දෙසට ගමන් කිරිමය.
එවැනි පසුබිමක් තුළ ඔබේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක තව දුරටත් තනතුරක් දැරීමේ බලාපොරොත්තුවක් මා හට නැතග ඔබ වටා අද දැවෙටෙමින් සිටින දුෂ්ඨ බලවේග අපව මෙම තනතුරින් ඉවත් කිරීමට පසුගිය කාලයේ උපරිමයට උත්සහ කළදල එය ඔබේ සීමාවට ඔබ්බෙන් තිබූ කාර්‍යක් වූයේ මාගේ පත්වීම සිදුකළ බලධාරියා වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ බැවිනි.
කෙසේවෙතත්ල සමස්ථ සේවකයන් සහ ආයතනය අසීරුතාවයට පත් වීම වැලැක්වීම සදහා 2017 සැප්තැම්බර් 25 දින සිට කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වන බව මා මෙයින් දන්වා සිටිමි.
අවසාන වශයෙන් ධම්ම පදයේ එන මෙම ගාථාව ඔබගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමි.
තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ දල යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය.

ගරු ඇමතිතුමනිල ඔබට ස්තුතියි.
« PREV
NEXT »