Sunday, September 10, 2017
Home
Unlabelled
හිරුනිකා දේශපාලනයෙන් සමුගනී?
හිරුනිකා දේශපාලනයෙන් සමුගනී?
-
Sunday, September 10, 2017
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම් බව පුහුල් හොරා දැනගන්නට ලැබෙනවා. පසුගිය කාලයේදී කොලොන්නාව මීතොටමුල්ල කුනු කන්ද නාය යෑමි සිදුවීමත් සමග ඇය ගැනද කතා කරන්නට වුණා. එම අවස්ථාවේදී ඇය එහි නොආ බවයි බොහෝ දෙනෙකු ප්‍රකාශ කලේ. පසුගිය දා මවු පදවිය ලැබූ ඇය මේ වනවිට නිහඬව සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයත් සමඟින් දේශපාලනයට පිවිසෙන ඇය මුලින්ම බස්නාහිර පළාත්සභාවට තේරී පත්වෙනවා. අනතුරුව පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් වත්මන් ජනාධිපතිතුමාගේ දේශපාලන වේදිකාවට ගොඩවෙන ඇය යහපාලනය ගෙනඒමට ප්‍රබල ලෙස දායක වූ චරිතයක්.ඉන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන අතර ඇය එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක් වුණු රෝසි සේනානායක මහත්මිය පවා මනාප චන්දවලින් පරාජයට පත් කිරීම සුවිශේෂියි.
ඇතැම් මාධ්‍යයන් ඇයට ප්‍රහාර එල්ල කල අතර විවිධ අභියෝග මැද්දෙ ඇය ඉන් නොසැලී දේශපාලනයේ රැඳී සිටියා.කෙසේ වෙතත් දේශපාලනයට පිවිසීම ගැන දැන් ඇය යම් කණගාටුවකින් සිටින බවයි ඇගේ හිතවතුන් ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී යුරෝපයේ රටක පදිංචියට යෑම සඳහා ඇය සහ ඇගේ සැමියා සූදානමකින් පසුවන බවයි පුහුල් හොරා ට දැනගන්නට ලැබෙන්නේ.