Saturday, September 16, 2017
Home
Gossip Lanka News
ජාතික ලොතරැයි ක්‍රියාකාරී අධ්‍යක්ෂ දූරය තුසිත හල්ඔළුවට
ජාතික ලොතරැයි ක්‍රියාකාරී අධ්‍යක්ෂ දූරය තුසිත හල්ඔළුවට
-
Saturday, September 16, 2017
ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස පූර්ණ බලතල සහිතව තුසිත හල්ඔළුව මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
දූෂණයට එරෙහිව හඬ නඟමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීම සඳහා මැතිවරණ සමයේ විශාල වැඩකොටසක් කළ අයෙකු ලෙසද හෙතෙම සැලකෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදුවූයේ යැයි කියන අක්‍රිමිකතා පිළිබඳ සොයා බැලීමද ඔහුගේ පත්කිරීමට හේතුවී ඇති බවද කියැවෙයි.
හල්ඔළුව මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද මීට පෙර පත්විය.
ඔහු කොමර්ෂල් පොහොර ආයතනයේ සභාපතිවරයාද වෙයි. එමෙන්ම, හිටපු අමාත්‍යවරුන් වන අමරසිරි දොඩංගොඩ, අනුරුද්ධ රත්වත්තේ, අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
ඊට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත්. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රචාරක ඒකකයේ ප්‍රධානියා ලෙසත් ඔහු කටයුතු කර තිබේ.
