Thursday, September 21, 2017
Home
Gossip Lanka News
"සහසර" බස්නාහිරින් ඇරඹේ
"සහසර" බස්නාහිරින් ඇරඹේ
-
Thursday, September 21, 2017
බස්රථ ධාවන කාලවේලාවන් ඇතුළු සේවාවන් රැසක් මගී ජනතාවට සපයන "සහසර" ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමත් පාඨලි චම්පික රණවක මහතා පවසයි.
මේ අනුව බස්රථවල කාලසටහන් නිවැරදි ලෙස දැනගැනීම , ටිකට්පත් වෙනුවට කාඩ්පතක් භාවිතා කිරීම වැනි මගී ජනයාට පහසුකම් රැසක් හිමිවන බවත් හෙතෙම කියා සිටියි.
තවද මේ මගින් බස් රථවල තරඟය අඩුවනු ඇතැයිද ඔවුන්ගේ ආදායම් ධාවනය වන කිලෝමීටර ප්‍රමාණය අනුව තීරණය වනු ඇතැයිද පාඨලි චම්පික රණවක මහතා තව දුරටත් කියා සිටියේය.
ප්‍රවාහන අමාත්‍යංශය. ජනාධිපති කාර්යාලය සහ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඒකාබද්ධ මෙම "සහසර" ව්‍යාපෘතිය ක්‍රියාක්මක කළහ.
