Tuesday, September 19, 2017
Home
Gossip Lanka News
ව්‍යාජ තොරතුරු පෙන්වා කොළඹ නාගරික ලේකම් ගංවතුර ආධාර අරන්
ව්‍යාජ තොරතුරු පෙන්වා කොළඹ නාගරික ලේකම් ගංවතුර ආධාර අරන්
-
Tuesday, September 19, 2017
පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් රජයේ සේවකයන්ට ලබාදුන් ගංවතුර ණය ආධාර මුදලින් රුපියල් 342,102.00 ක් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කොළඹ නාගරික ලේකම්වරිය ලබාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතා විසින් බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාරවරයාට ඊයේ (18 දා) පැමිණිලි කර ඇත.
ආණ්‌ඩුකාර සී. වී. ලෝගේෂ්වරම් මහතාට අමතරව රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයකටද පැමිණිලි පිටපත් යොමු කළ බව අනුර මහතා "දිවයින"ට පැවසීය.
ගංවතුර බලපෑ දිනවල නාගරික ලේකම්වරිය නිවාඩු ලබාගෙන ඇතැයි අයෑදුම්පතේ සඳහන් කර තිබුණත් එම දිනවල ඇය සේවයට වාර්තා කර නිවාඩු දින වැටුප් ලෙස තවත් රුපියල් 14,254.00 ක මුදලක් ලබාගෙන ඇතැයිද කොමසාරිස්‌වරයා කියා සිටී.
මැය විසින් ගංවතුර ආපදා ණය ලබා ගැනීම සඳහා බියගම දකුණ ග්‍රාම නිලධාරිවරයා සහ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියද නොමඟ යවා ඇයට අදාළ නිර්දේශ ලබාගෙන ඇති බවත් එම නිසා ඇයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් කොමසාරිස්‌වරයා ආණ්‌ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත.
මෙයට අමතරව ලේකම්වරියට අයත් නිල වාහනය අවස්‌ථා කිහිපයකදී වෙනත් අය විසින් ධාවනය කර අනතුරට පත් කර රක්‌ෂණ සමාගම් විසින් ගෙවීම ප්‍රතික්‌ෂේප කිරීම, රිය අනතුරු පිළිබඳව තම රියෑදුරු මගින් ව්‍යාජ පැමිණිලි පොලිසියට ඉදිරිපත් කිරීම, නගර සභාවට අත්‍යවශ්‍ය ලියකියවිලි පුළුස්‌සා දැමීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ආයතනික පරීක්‌ෂණ සිදුකරන බවද කොමසාරිස්‌වරයා ආණ්‌ඩුකාරවරයාට යොමු කළ ලිපියේ සඳහන්a කර ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා නාගරික ලේකම් එච්. ඩී. සී. ජානකී මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
මගේ නිවස බියගම බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිවස ජලයෙන් යටවූ පසු ගංවතුර ආධාර ණය මුදල ලබා ගැනීමට ඉදිරිපත් කළ ලිපි ලේඛන අත්සන් කළේ නාගරික කොමසාරිස්‌වරයායි.
ණය ඉල්ලුම්පත ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් අත්සන් කළත් ආයතන ප්‍රධානියා සෑහීමකට පත්වනවා නම් ණය ලබාදෙන්න කියා එම ලේඛනවල තිබෙනවා. මගේ ලේඛනයට අත්සන් කර තිබෙන්නේ නාගරික කොමසාරිස්‌වරයායි. එහෙනම් මට එල්ල කරන චෝදනාව ඒ මහතාටත් අයිතියි. ඊයේ මගේ රියෑදුරුගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ වනතෙක් මගේ රාජකාරි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නැහැ. මුදල් ගනුදෙනුවලටත් මගේ සම්බන්ධයක් නැහැ.
