BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 19, 2017

ලොක්කන් ලෙඩ කියා රෝහල්ගත කරවන වැලිකඩ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊයේ (18) දැනුම් දුන්නේය.

එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය පිළිබද කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන දෙන ලදී. එය වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සකස් කර තිබූ අතර, එම කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් එම පරික්ෂණය ඉල්ලා පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඡේ.කේ මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිතය. මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර පුරප්පාඩු වී ඇති බැවින් 2018 වස‍රේ දී එය පිරවීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද මෙම රෝහලේ වෛද්‍යවරුන් පිළිබදව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ විමර්ශනයේ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරිනී නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන සිරකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඇය ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්‍ර‍ශ්නකාරී බවද ඔවුන් යොමු කළ ලිපියේ වැඩිදුරටත්  දැක්වුණා.
එම ලිපියේ පහත කරුණුද ඇතුළත්ය,
1.බරපතළ වැඩ සහිතව සිර දඬුවම් ලබන සිරකරුවෙකු බන්ධනාගාරයට රැගෙන ආ පසුව ඔහුට/ඇයට සිරකරු අංකයක් නිකුත් කරනු ලබන අතර ඔහුගේ ඡායාරූපයක් ලබා ගනු ලබයි.  ඉන් පසුව වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය.
2. නමුත් වෛද්‍ය නිර්මලී තේනුවර,  සිරකරු අංකය නිකුත් කිරීමට පෙර හා නිල ඡායාරූපය ලබා ගැනීමට පෙර ඉහත කාර්ය පටිපාටියෙන් පරිබාහිරව  අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග හමුවී ඇත. එමෙන්ම ‘කාර්ය භාර වෛද්‍යවරයා‘ඔවුන් යොමු කිරීමට ද පෙර, බන්ධනාගාර රෝහල වෙත ‘ඇතුළත් කිරීමේ ටිකට්පත් දෙක‘ ලියා ඇත.
3. මෙවැනි තත්ත්වයක් ඇති විය හැක්කේ මරණාසන්න තත්ත්වයකට පත් වූ පුද්ගයෙකු සම්බන්ධයෙන් පමණක් වේ යැයි සිතමු. ඊට හේතුව බන්ධනාගාර ඉතිහාසයේ කිසිදු දිනක මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බැවිනි.
4.මෙම ක්‍රියාවලිය බාහිර පුද්ගලයන්ට අනාවරණයවීමෙන් පසුව එල්ල වූ විරෝධය හේතුවෙන්, සැප්. 7 දින රාත්‍රියේ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනො බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සිදු නොවීය.  නිර්මලී තේනුවර මහත්මිය රාත්‍රී 9 වන තෙක් ඔවුන් දෙදෙනා පැමිණෙන තුරු බන්ධනාගාර රෝහලේ ගත කළේය.
5.    සැප්. 8 දින උදයේ නියමිත වේලාවට පෙර සේවයට වාර්තා කළ වෛද්‍ය තේනුවර මහත්මිය හැකි ඉක්මනින් අංක V 18069 සහ V18068 දරන සිරකරුවන් දෙදෙනා බන්ධනාගාර රෝහලටඅංක 7401 හා 7402 යටතේ ඇතුළත් කිරීමට කටයුතු කළාය. මෙම ක්‍රියාවලිය දූෂිතය. ඊට අමතරව පිළිගත් කාර්ය පටිපාටිය උල්ලංඝනය කිරීමකි.
6.    මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව, අමාත්‍යවරයා විසින් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට අවම වශයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු නිර්දේශ කළ යුතු යැයි නියෝගයක් නිකුත් කරනු ලැබීය.  වෛද්‍ය තේනුවර මහත්මිය වෛද්‍ය ටිරානි හා වෛද්‍ය සුජීවා සමග එක්වී දැන් මෙම නියෝගය ක්‍රියාවෙහි යොදවයි.  ඒ සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සිදුවන්නේ වෛද්‍ය වරුණ ජයතිලක අතිනි. දැන් මේ සිව් දෙනාගේ කණ්ඩායම තමන් මෙයට පෙර සිදු කළ සියලු ක්‍රියාකාරකම් එලෙසම බන්ධනාගාර රෝහල තුළ ක්‍රියාත්මක කරති.
7. ඔබ හොඳින් දන්නා පරිදි වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය 2017 වසරේ සිට කොළඹ මහ රෝහලට ස්ථාන මාරුවීම් ලබා ඇත. නමුත් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොවන්නේ වෘත්තීය සමිතියක බලපෑම නිසාය.  සයිටම් ආයතනයට ද සම්බන්ධයක් ඇති නිලධාරියෙකු නිසාය.
8. බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 3 ක කාලය තුළ පරීක්ෂණයක් පවත්වනු ලැබූ බවත්, එහි දී හෙළි වී ඇති කරුණු ඔබ දනී.
9. මේ සියලු කරුණු සලකා බලා, 2017 වසරේ දී වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මියට කොළඹ මහ රෝහල වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
10.දිස්ත්‍රික් රෝහලක කාර්ය භාර වෛද්‍ය නිලධාරි තනතුර දැරීමට සුදුසුකම් ඇති අයෙකු පමණක් බන්ධනාගාර රෝහලේ ප්‍ර‍ධානියා ලෙස පත් කිරීමට කටයුතු කරන ලෙස ද කාරුණිකව ඉල්ලමු.
අක්මාව ඉදිමී බරපතල දියවැඩියාවෙන් පෙළෙනවා කියා බන්ධනාගාර රෝහලේ ‘සිර සැප‘ විඳින ලලිත් සහ අනුෂ දවල්ට කෑවේ රාජගිරියේ ‘ෂෙන්ඩොන්‘ සුපිරි චීන අවන්හලෙන්..!

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සඳහා මහජන මුදල් මිලියන 600 ක් වියදම් කිරීමේ වරදට බරපතල වැඩ ඇතිව 3 වසරක සිර දඬුවමක් සඳහා හිරගෙට නියම වීමෙන් පසු බන්ධනාගාර රෝහලේ  දොස්තර නිර්මලී තේනුවර විසින් අක්මාව ඉදිමුණු බරපතල දියවැඩියා රෝගීන් යැයි ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර සිරකුටියෙන් රෝහල වෙත යැවූ හිටපු ජනාධිපති ලේකම්  ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට අද දවල් ආහාර ලෙස කෑවේ රාජගිරියේ පිහිටි සුපිරි චීන අවන්හලක් වන ‘ෂෙන්ඩොන්’ රෙස්ටොරන්ට් එකෙන් ගෙන්වා ගත් ක්‍රිස්ටල් රයිස් සමග චීන චොප්සි සහ ඩෙවල් කුකුළු මස් සහිත ආහාර වේලකි. මෙම ආහාර වේල සිරගෙදර 18 දෙනෙකු විසින් ආහාරයට ගන්නා ලද තරම් විශාල ආහාර වේලක් විය. ලලිත් – අනුෂලාගේ දියවැඩියා ‘සිර සැප’ කදිම ය.
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනා පමණක් නොව රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස බන්ධනාගාර රෝහලේ ‘සිර සැප‘ විඳින සරණ ගුණවර්ධනට ද පිටතින් කෑම ගෙන ඒම සදහා අවසරයක් ලබා දී ඇත.  එම අවසරය මත රාජගිරිය ‘ෂෙන්ඩොන්’ චීන අවන්හල හා නිවසේ සකස් කළ ආහාර සරණ වෙනුවෙන්ද බන්ධනාගාර රෝහලට ලැබෙන්නේ ය.  සරණ ගුණවර්ධන සමග එකම වාට්ටුවේ සිටින 16 දෙනෙකු අද දිවා ආහාරය බෙදාගෙන අනුභව කරන ලදී.
දඬුවම් නියම වූ හෙවත් අච්චු කරන ලද සිරකරුවන්ට  බන්ධනාගාර රෝහලේ දී වුව පිටතින් ආහාර ලබා ගැනීමට අවස්ථාව නැත. රිමාන්ඩ් සිරකරුවන්ට නම් ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරිනිය ගේ නිර්දේශය මත හා බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය මත බන්ධනාගාර රෝහලේ දී නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත. එයද එක් පුද්ගලයෙකුට ප්‍ර‍මාණවත් ආහාර වේලක් පමණි.
දියවැඩියාව පමණක් නොව අක්මාව ඉදිමීමේ රෝගයක්ද ඇතැයි නිර්මලී තේනුවර සහ නීතිඥයින් අධිකරණයට වාර්තා කළ රෝගීන්ට ලංකාවේ සුපිරිම චීන අවන්හලක ආහාර ලබාගනිමින් මුළු සිරදඬුවම් කාලයම වුව බන්ධනාගාර රෝහලේ ‘සිර සැප‘ විඳීමට අවස්ථාව සැලසෙන්නේ නම්  රටේ නීතියේ ආධිපත්‍යය ගැන කවර කතා ද..?
බන්ධනාගාර රෝහල්ගත ඥාතීන් හා මිතුරන් ඔබටත් සිටී නම් වෛද්‍ය නිර්මලී ගේ ජංගම දුරකථන අංකය 077 3422250 අමතා ඒ සඳහා අවසර ලබා ගත හැකිය.  විශේෂ වරප්‍ර‍සාද සහිත පිරිසට මාසිකව අල්ලස් ගෙවීමේ පදනම මත ද, වෙනත් පුද්ගලයින්ට දෛනික අල්ලස් ගෙවීමේ පදනම මත ද, මෙම අවස්ථාව ලබා ගත හැකිය.  නිර්මලී හැර වෙනත් කිසිදු වෛද්‍යවරයෙකුට ආහාර සැපයීම සඳහා වන අනුමැතිය ලබාදීම මේ වන විට තහනම් කර තිබේ.
පෙරේදා (09) දිනයේ දිවා ආහාර සඳහා අවසර පත් 34 ක් නිකුත් කොට ඇති අතර බන්ධනාගාර රෝහලේ නේවාසිකව ‘සිර සැප’ විඳින 130 කට වැඩි පිරිසකට එමගින් ආහාර ලැබී ඇත.
« PREV
NEXT »