BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 16, 2017

ගෝඨාට මිනීමැරුම් චෝදනා

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අඩපණ කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. 

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලැබී ඇති බවත්, එම උපදෙස් ලැබෙන තුරු අදාළ පරීක්ෂණවල යම් ප්‍රමාදයක් තිබූ බවත් පවසන අදාළ ආරංචි මාර්ග, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති කිහිපයේ දී මේ සිද්ධියට සෘජුව සම්බන්ධ වූ යුද හමුදාවේ බි්‍රගේඩියර්වරයකුගෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසකගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බවයි. මේ පිරිසට සාපරාධී මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කිරීමට හැකි වනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ඍජු අණදීමක් කර ඇති බවට සැක මතු වන බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මේ සිද්ධියේ දී භාවිතා කළ සියලු ගිනිඅවි සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත්, මෙතෙක් එම වාර්තාව භාර දී නැත. එසේ ම මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණවලට අදාළ නිගමන ද මෙතෙක් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මේ පරීක්ෂණවලට සහාය ලබා දීමට යුද හමුදාව කිසිවිටෙකත් ඉදිරිපත් වී නැත.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය මඟින් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පවසයි. මේ සිද්ධියේ දී රැඳවියන් 27 දෙනකු මියගිය අතර, ඒ අවස්ථාවට යුද හමුදාවේ 175 දෙනකු සහභාගි වී ඇත.

-ශාලික විමලසේන
« PREV
NEXT »