BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 23, 2017

වයින් - බියර් බලපත්‍ර ලිහිල් කිරීමේ සූදානමක්‌

වයින් සහ බියර් අලෙවිය සඳහා වන බලපත්‍රය ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙවර අයවැයේ ඒ පිළිබඳ ආණ්‌ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.

මාතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ජෝන් අමරතුංග මහතා ඒ බව කීවේය.

සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි නමුත් ඒ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ යෑයිද ඇමැතිවරයා කීවේය.
« PREV
NEXT »