Friday, September 22, 2017
Home
Gossip Lanka News
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි
-
Friday, September 22, 2017
රාජපක්ෂ පවුලේ රහස්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන බව ආණ්ඩුවට පවසමින් තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින සජින් වාස් ගුණවර්ධන පිළිබඳව හෙළිදරව් කළෙමු. ආණ්ඩුවත් සමඟ මෙම ගොනාට ඇන්දීමේ ක්‍රීඩාවෙහි නිරත වී සිටින්නේ සජින් වාස් පමණක් නොවේ. හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ද නියැළී සිටින්නේ එම ක්‍රියාවලියෙහිමය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී වරාය අධිකාරියේ සේවකයින් 319 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වරාය අධිකාරියෙහි හිටපු සභාපතිවරයා වූ ප්‍රියත් බන්දු වික්‍රමට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඒ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණුමුත් පසුව එය ද ඉවත් කරගන්නා ලදී. දැන් එම චෝදනාව පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනෙන්නේ නැත.
ප්‍රියත් බන්දුට ඇත්තේ ඒ චෝදනාව පමණක් නොවේ. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ ද චෝදනා තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ හිටිවන ම කෝටිපතියන් වූ පිරිස අතරින් ප්‍රියත් බන්දු වික්‍රම ද එක් අයෙකි. ඔහුගේ ආදායම් සහ වියදම් පාර්ශ්ව කිසිසේත් ගැලපෙන්නේ නැත. ඒ අනුව ඔහු තහවුරු කළ නොහැකි ආකාරයන්ගෙන් මුදල් උපයාගෙන තිබෙන බව පරීක්ෂණ වල දී හෙළිදරව් වී තිබේ. මේ සම්බන්ධ විමර්ශන කටයුතු 2015 මාර්තු වන විටම අවසන් වී ඇතත් ප්‍රියත් බන්දු නීතිය හමුවට කැඳවෙන්නේ නැත.
සජින් වාස් මෙන් ම ප්‍රියත් බන්දු වික්‍රම ද ආණ්ඩුවේ පාර්ශ්ව තමන්ට අවශ්‍ය පරිදි සූක්ෂම ලෙස හසුරුවාගෙන සිටී. ඔවුන් පවසන්නේ රාජපක්ෂ පවුලේ රහස් තොරතුරු ආණ්ඩුවට ලබාදෙන බවයි. එහෙත් ඔවුන් කරමින් සිටින්නේ ආණ්ඩුවේ යම් යම් පුද්ගලයින්ට මුදල් කුට්ටි පිටින් ලබා දෙමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමයි.
ඔවුන් සලසා ගෙන ඇති රැකවරණය කෙතරම් ද යත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වන සියළුම පාර්ශ්වයන් දැන් පත්ව සිටින්නේ මහත් අසරණ තත්වයකටය. සජින්ලා ප්‍රියත්ලා කොතරම් බලවත් ද යත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටින්නැයි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ පටන් බලපෑම් එල්ල වෙමින් තිබේ.
හොරුන් අල්ලා දඬුවම් කරන බව කියා බලයට පැමිණි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් අපට විමසීමට ඇත්තේ "ඇයි, මේ හොරුන් නොවේද ?" කියාය. කයිවාරු නම් කාටත් දෙඩවිය හැකිය. වැදගත් වන්නේ ක්‍රියාවයි. ආණ්ඩුවේ කාලයෙන් අඩක්ම නිමවෙමින් තිබියදීත් මේ නීලකාස හොරුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නැත. යහපාලනය තවත් එක සුරංගනා කතාවක් නොවන්නට නම් මෙවන් හොරුන්ට, වංචාකරුවන්ට තවදුරටත් නොරැවටී ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතුව ඇත.
LNW
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...