BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 24, 2017

මහරගම එජාපෙ සංවිධායක ධුරය චම්පිකට

එක්සත් ජාතික පෙරමුණ මහරගම ආසන සංවිධායක ධුරයට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
පසුගිය මහ මැතිවරණයෙදී ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කලේ එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කල අමාත්‍ය චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මීළඟ මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමය පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂවල ප්‍රධානීන්ට ප්‍රධාන පක්ෂයක සහයෙන් ආසන සංවිධායක ධුර ලබා ගැනීමට සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විනය චෝදනා මත පසුගියදා අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබිය.
« PREV
NEXT »