Monday, September 18, 2017
Home
Gossip Lanka News
ලොතරැයි මණ්ඩලයෙන් ෂර්මිලා යයි - නිශ්ශංක නානායක්කාර එයි
ලොතරැයි මණ්ඩලයෙන් ෂර්මිලා යයි - නිශ්ශංක නානායක්කාර එයි
-
Monday, September 18, 2017
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ජේෂ්ඨ නීතිඥ ෂර්මිලා පෙරේරා මෙනවිය එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මුදල් අමාත්‍යංශය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය රවී කරුණානායක මහතා විදේශ ඇමති වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට විදේශ අමාත්‍යංශයට විශේෂ ගැසට් පත්‍රිකාවකින් පවරා දෙනු ලැබූ අතර, පසුව රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අදාළ ආයතන දෙක නැවතත් මුදල් අමාත්‍යංශයට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.
නීතිඥ ෂර්මිලා පෙරේරා මෙනවිය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස ක්‍රියාකළ අතර එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කළ තැනැත්තියකි.
ඇයගෙන් පුරප්පාඩු වන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය සඳහා අගමැතිවරයාගේ ඉල්ලීම පිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
නිශ්ශංක නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක සිට නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...