BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 23, 2017

රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට කැඳවයි

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද කැඳවා අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි.


මෙම තීරණයට නීතිපති දෙපාර්තමේන්තුව එළැඹ ඇත්තේ කොමිසම විසින් කරන ලද නිර්දේශයන් අනුවය.

කොමිසමේ විමර්ශන කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහාය වූ රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියා වන ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මේ බව තහවුරු කළේය.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමේ විමර්ශනයන්හිදී අනාවරණය වූ බොහෝ කරුණුවලට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන විසින් විනාශ කොට තිබූ දුරකතන සංවාද පිළිබඳ දත්ත 8600ක් රහස් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු ඒ අතර වූ දුරකතන සංවාද පරීක්ෂා කිරීමේදී ඇතැම් බැඳුම්කරවලට අගමැති රනිල් වික්‍රමසිංහගේද සම්බන්ධතාවක් ඇති බවට වැටහෙන සංවාද සඳහන් වී තිබීම හේතුවෙන් ඔහුද කොමිසමේ විමර්ශනයන්ට ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු බවද සඳහන් කළේය.
« PREV
NEXT »