BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 31, 2017

“මෙත්සඳ සෙවණ” පළමු අදියර අවසන් – නිවාස ඒකක 218ක් ජනතා අයිතියට.

සමව බෙදී යන සංවර්ධනයේ ප්‍රතිලාභ මෙන්න කොළඹ නගරයේ ඉහළ වාණිජ වටිනාකමකින් යුතු ඉඩ්ම්වල අවිධිමත් ලෙස පදිංචිව සිටින පවුල් ක්‍රමවත්ව පදිංචි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය 2016 වසරේදී ආරම්භ කල ව්‍යපෘති රැසක් මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත.


අනවසරයෙන් අවිධිමත් ලෙස පදිංචි වුවද ඒ සියලූම දෙනා අපේ රටේ පුරවැසියන් බවත්, ඔවුනට ගෞරවනීය ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීම රජයේ වගකීම බවත් කිසිවිටෙක අමතක නොකල නාගරික සංවර්ධන අධිකාරිය, ඔවුන්ව එම ස්ථාන වලින් බලෙන් පිටමන් කිරීම වෙනුවට සියලු පහසුකම් සපිරි මහල් නිවාස වල හිමිකම ලබාදීමට කටයුතු කරමින් තිබේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක මහානගර සංවර්ධන සැලසුමට අනුව ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය වේ. වාණිජ නගරයක් ලෙස දියුණුවන බේරේ වැව අවට පප්‍රදේශය ආර්ථිකමය වටිනාකමකින් යුතු ප්‍රදේශයක් බවට පත්වේ. ජාත්‍යන්තර මූල්‍ය නගරය, සේවා නගරය සහ බේරේ ඉදිවන වාණිජ නගරය ඒකාබද්ධ වන පුළුල් මාර්ගපද්ධතියක් ද ඉදි කිරීමට නියමිතය.

එහිදී නිවාස අහිමිවන පවුල් සඳහා රුපියල් මිලියන 763 ක ආයෝජනයකින් මාදම්පිටිය හේනමුල්ලෙහි ඉදිකළ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර අද (30) ගරු අග්‍රාමාත්‍යය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.

මහනගර සංවර්ධන ක්‍රියාවලියේදී කොළඹ අනවසරයෙන් වුවද පදිංචිව සිටින ජනතාව අසාධාරණ ලෙස ඉවත් නොකර වඩා යහපත් ස්ථානයක පදිංචි කරවීම සහ ඔවුන්ගේ ජීවන මට්ටම් උසස් කිරීමට කටයුතු කිරීම අනිවාර්‍යයෙන්ම විය යුත්තක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

« PREV
NEXT »