BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 13, 2017

ලබන 25 දා උසාවි කැඳවයි - ලබන 25 දා උසාවි කැඳවයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (12 දා) නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක්‌ දූෂිත බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මගින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර තිබූ නඩුවක්‌ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය.

ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවීමට නොතීසි නිකුත් කිරීමට නියෝගයක්‌ නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික දිසානායක මහතා විනිසුරු ම`ඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
« PREV
NEXT »