Monday, October 09, 2017
Home
Gossip Lanka News
නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට
නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට
-
Monday, October 09, 2017
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටි ඔහුගේ සුරූපී ලේකම්වරිය අඩුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට කටුයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා නැමැත්තියයි.
රතු නිවේදනයට අත්අඩංගුවට ගත් පළමු රාජපක්ෂ
ඇයට එරෙහිව රතු නිවේදනයක් නිකුත්කර තිබූ අතර රාජපක්ෂවරුන්ගේ චෝදනා වලට සම්බන්ධව රතු නිවේදනයකට අත්අඩංගුවට ගත් පළමු සැකකාරියද මැය වේ.
මෙම සැකකාරිය හෙට පෙරවරුවේ ගුවන් යානයකින් ලංකාවට ගෙනඒමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නඩුව හෙට !
අදාළ චෝදනාව සම්බන්ධ නඩුව ( HC 129/ 17) හෙට (10) අංක 7 මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරණායක හා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව මෙම නඩු පවරා තිබේ.
අබුඩාබිහිදී අත්අඩංගුවට පත් බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමේ කොටස් කාරියක්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් මෙන්ම එම සමාගමේ ලේකම්වරියද වේ.
කෙසේවුවද, අදාළ සමාගමට අයථා ලෙස උපයාගත් මුදල් යෙදවීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නඩු ගණනාවක්ම මේවන විට අධිකරණයේ විභාගවෙමින් පවතී.
පිටුවහල් කලේ පොලිස් ඉල්ලීමට !
ඔනෙලාව මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලිසිය නිකුත්කරන ලද රතු නිවේදනයකට අනුවය.
රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට දූෂණ චෝදනා එල්ලවී පසුව රටෙන් පැනගොස් සැඟව සිටින කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලිම අනුව ඉදිරියේදී එම රටවලින් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව පැවසේ.
