BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් - ප්‍රංශයේ සහයත් හිමි වේ

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් සහභාගිවීමට අවස්ථාව සහ සහාය ලබා දීමට ප්‍රංශ රජයේ පුර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය සාගර කලාප භාර ප්‍රංශ නාවික හමුදාවේ අණදෙන නිළධාරී රියර් අද්මිරාල් ඩිඩියර් පියටන් (Didier Piaton) මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී ඊයේ (10) හමුවූ අවස්ථාවේදීය.

ගාලුකථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණයට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි රියර් අද්මිරාල් ඩිඩියර් පියටන් (Didier Piaton) මහතාට විශේෂ ස්තුතිය ප්‍රකාශ කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව වත්මන් රජය යටතේ වර්ධනය වී ඇති බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය පරාජය කළ මෙරට ආරක්ෂක හමුදාවන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඒ සඳහා වන අවස්ථා වැඩිකර දෙන ලෙස ඉල්ලා සිට ඇත.ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ ප්‍රංශ නාවික හමුදාවේ අණදෙන නිළධාරී රියර් අද්මිරාල් ඩිඩියර් පියටන් මහතා ඉදිරි කාලයේදී එම අවස්ථාව වැඩි වශයෙන් මෙරට ආරක්ෂක හමුදාවන්ට ලබා දීමට ප්‍රංශ රජයේ සහාය ලබා දෙන බව පැවසීය.
« PREV
NEXT »