BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 02, 2017

මත්තල ඉන්දියාවට – යෝජනා අනුමැතියට කැබිනට් මණ්ඩලයට

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත.


මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම “එයාබස්” ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත.. විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට ලබාදීම සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අනුමැතිය සඳහා ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය.

ණය උගුලක්‌ බවට පත්වී ඇති මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කර දකුණු ආසියානු කලාපයේ දියුණු ගුවන් තොටුපළක්‌ බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.

බදු ගිවිසුම ක්‍රියාත්මක කරන දිනය සහ බදු ගිවිසුමට ඇතුළත් කරන කොන්දේසි පිළිබඳ අවසන් තීරණය කැබිනට්‌ මණ්‌ඩලය විසින් ගනු ඇතැයි ද මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීම සඳහා වන බදු ගිවිසුම කැබිනට්‌ අනුමැතියෙන් පසුව ජනතාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන බව ද පැවසීය.




« PREV
NEXT »