BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

ජපන්ගිය හිටපු ජනපති මහින්ද කොරවෙයි - මහින්දට ජපානයේ තානාපති කාර්යාලයෙන් සලකල නෑලු

ජපානයේ වෙසෙන හිතවතුන්ගේ විශේෂ ආරාධනයක් අනුව සංචාරයක නිරතහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අවශ්‍ය පහසුකම් හා පිළිගැනීම ලැබීනැතැයි වාර්තා වෙයි. හිටපු ජනාධිපතිවරයා

සමග ඒකාබද්ධ විපක්ෂයේ ලොහාන් රත්වත්තේ හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරයට එක්ව සිටින අතර, ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නියෝජිතයෙකු එම පිරිස පිළිගැනීමට ටෝකියෝ ගුවන්තොටුපළට පැමිණ නොමැති බවද වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැමිණෙන විට තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ගුවන්තොටුපලට පැමිණිය යුතු වුවද මෙවර එවැන්නක් සිදුනොවීම සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ජපාන ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහතාට කතා කර හේතු විමසා තිබේ.

එහිදී තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන්ට ලැබුණු නියෝගයක් අනුව කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමග පවසා ඇත්තේ තානාපතිවරයාගේ උවමනාවට අනුව මෙසේ හැසිරී තිබෙන බවත්,ඉහළින් එවැනි නියෝගයක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජපාන ශාඛාවේ සභාපතිවරයා ඇතුළුව එරට සිටින ශ්‍රීලංකිකයෝ බොහෝ පිරිසක් පැමිණ මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

මීට අමතරව ජපානය, ප්‍රංශය,පාකිස්තානය, ඉන්දියාව, ඩෙන්මාර්කය, මැදපෙරදිග නියෝජිතයන් පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා හමුවී එම රටවලට පැමිණෙන්නැයි ඉල්ලා තිබේ.

ඒ අනුව ඉදිරියේදී එම සංචාරය යොදාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.


« PREV
NEXT »