Friday, October 13, 2017
Home
Gossip Lanka News
පාර්ලිමේන්තුවට හොරෙන් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යතාවක් නෑ
පාර්ලිමේන්තුවට හොරෙන් ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යතාවක් නෑ
-
Friday, October 13, 2017
රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් නොකර ව්‍යවස්ථා දායක සභාවෙන් ඉවත් වීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.
උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා උන්වහන්සේ බැහැදැක ව්‍යවස්ථා සම්පාදක අතුරු කමිටු වාර්තාව මහනාහිමියන්ට පිළිගැන්වූ අවස්ථාවේ මහනාහිමියෝ ඒ බව ඇමැතිවරයාට පවසා ඇත.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ඒකරාශී වීම වැදගත් බවත් ව්‍යවස්ථාදායක සභාවෙන් කවුරුන් හෝ ඉවත් වීමට සිතන්නේ නම් එය හොඳ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවත් උන්වහන්සේ කීහ.
නව ව්‍යවස්ථාව හා සම්බන්ධ අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ සංවාදයකට ලක් කර සියලු කණ්ඩායම් වල එකඟතාව ඇතිව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන බවත් ජනතාවට හෝ පාර්ලිමේන්තුවට හොරෙන් ව්‍යාවස්ථාවක් සකස් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මෙහිදී ඇමැති කිරිඅැල්ල මහතා කීවේය.
රටේ ඒකීය භාවය හා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පවතින ව්‍යවස්ථාවේ සඳහන් ලෙසද ඉදිරියේදී ගෙන ඒමට අපේක්ෂා කරන ව්‍යවස්ථාව මගින්ද තහවුරු කරන බවත් ඒ පිළිබඳ අංශු මාත්‍රයක හෝ අවිශ්වාසයක් කිසිවකුත් ඇතිකර නොගත යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවුණු ආකාරයෙන් මෙවර දෙමළ පක්ෂද ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් සක්‍රීයව අදාළ වැඩපිළිවෙළට දායකත්වය ලබාදී තිබෙන බවත් මෙම පසුබිම තුළ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අවශ්‍යය පසුබිම සකස්වී තිබෙන බවත් කී ඒ මහතා නව ව්‍යවස්ථාව යනු රටේ අලුත් ගමනක ආරම්භය බවද අවධාරණය කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...