BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 24, 2017

ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනපු හැටි

“තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශය මගින් ඉදි කළ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ඊ.පී.ජී.සී.කේ මඩුගල්ල මහතා එහිදී පැවසීය.

‘මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ 2000 වර්ෂයේ.ඒ අනුව වසර 17 ක් පමණ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලේ අපි වැඩිහිටි නිවාසයක් , දරුවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මීට පෙර පවත්වාගෙන ගියා. පසුව එය භාවිතයට නොගෙන තියෙනවා. ආබාධිත දරුවන්ට දෙවසරක වෘත්තීය පුහුණුවක් ලබා දීම සදහා අපට මේ ගොඩනැගිල්ල අවශ්‍යය වෙලා තියෙනවා. නමුත් මේක අලුත්වැඩියා කරන්න යද්දී ග්‍රාම නිළධාරීවරයකු හා තවත් නිළධාරීන් දෙදෙනකු එහි කාර්යාල පවත්වාගෙන යන බවට දැනගන්න ලැබුණා. ඊට පස්සේ අපි මේක සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කළා, ප්‍රාදේශීය ලේකම්තුමන් අදාළ නිළධාරීන්ට ඉවත් වෙන්නට කිව්වත් තාමත් ඔවුන් ඉවත් වෙලා නෑ.‘ යැයි නිලධාරියා කීවේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසිය.

‘පළාත් සමාජ සේවා අධ්‍යක්ෂතුමා ඊයේ (22) ඇවිත් මේ සම්බන්ධයෙන් මාව දැනුම්වත් කළා. ඒ මොහොතේ අදාළ ග්‍රාමසේවක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. ඒ ග්‍රාමසේවක මහත්තයා මාත් එක්ක මුලින් කොහොමද ඇමතිතුමා කියලා කතා කරලා අවසානයේ කථාව අවසන් වුණේ ” තමුසේ කොහොමද මට උපදෙස් දෙන්නේ තමුසේ කෘෂිකර්ම ඇමතිනේ” කියලයි. මම එතුමාට කිව්වා “ආයේ පාරක් කියන්න” කියලා. ඒ විදිහට මම තුන් පාරක්ම ඒ වචනය අහගත්තා.

ඒ ග්‍රාමසේවකතුමා මට කිව්වා “දැන් මට කියන්නේ වෙන තැනකට යන්න කියලා නම් මෙතන සමාජ සේවා ආයතනයක් දානවා නම් ඒකට ළමයි කීයක් දානවාද ? කීයක් වැඩිහිටියෝ දානවාද ? ඒ ටික කියන්න ඊට පස්සේ බලන්නම් කිව්වා. ඊට පස්සේ මම කිව්වා “ග්‍රාම සේවා කාර්යාලය වෙන තැනකට යමු. මෙතන සමාජ සේවා ආයතනය කර ගෙන යන්න දෙමු ” කියලා. ඊට පස්සේ එතුමා මට කියනවා “මම මේ සේරම රෙකොඩ් කරනවා. මම මේක මාධ්‍යයට දෙනවා.” කියලා . මම කිව්වා “බොහොම හොදයි. රෙකෝඩ් කරන්න.

මේ ටිකත් මාධ්‍යයට කියන්න. දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා කියලා සමාජ සේවා අමාත්‍යංශය යටතේ ළමයින්ට රැකවරණය මධ්‍යස්ථානයක් හදන්න දෙන්න කියන එකයි කිව්වේ කියලත් කියන්න” කියලා.ඊට පස්සේ අවසානයට එතුමා කිව්වා ” තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ “කියලා.

ඒත් එක්කම මම අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇමතුවා. ඒ ලේකම්තුමා අද (23) උදේ වන විට පරීක්ෂණ කණ්ඩායමක් එවලා මගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් කටඋත්තර ලබා ගත්තා.
« PREV
NEXT »